(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද ( 8)පෙරවරු 10.00 ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුව හෙට(9) දිනය දක්වා කල් තැබෙනු ඇත. පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ විදේශ තානාපතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු අමුත්තෝ රැසක් සහභාගී වෙති. උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පාර්ලිමේන්තුව නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ නිදහස් කතාව තනිකර පාපොච්චරන්යක් වුනානේ. අද ඒකේ දෙවෙනි ඉනිම ගහයි.
ඕක අරිනවා වහනවා .ඊට වඩා වෙන වැඩක් නැහැ