(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තහනම් කරන ලද මන්ත්‍රීවරුන් තිදෙනාට අයවැය ඡන්දය සඳහා සහභාගී වන්නට ඉඩ ලබා දෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

එලෙස අවසර දෙන ලද්දේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා ,රෝහණ බණ්ඩාර සහ ඩයනා ගමගේ මහත්ම මහත්මීන්ටය.

මොවුනට පාර්ලිමේන්තු සභාවට පැමිණීමට ඉඩ ලබාදෙන ලෙස කථානායකවරයා වෙිත්‍රධාරීට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුවේ නුසුදුසු අයුරින් හැසිරීම සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවේ තීරණය අනුව මාසයක කාලයක් සඳහා මොවුනට පාර්ලිමේන්තුව තහනම් කෙරිණි.