
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සේවකයකුට සේවා දීර්ඝයක් ලබා ගැනීමට කෙරුණු ඉල්ලීමක් කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කර ඇති මෙම සේවකයා ලබන ජනවාරි මස විශ්‍රාම යෑමට නියමිතය.
වයස 60න් පසු සේවා දීර්ඝ ලබා නොදීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන ඇති හෙයින් එම සේවා දීර්ඝ ඉල්ලීම කැබිනට් මණ්ඩලය මෙසේ ප්‍රතික්ෂේප කළ බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
එක්තරා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකුට ආවතේව කිරීම සඳහා යෙදවීමට මෙම සේවකයාගේ සේවය තවදුරටත් අවශ්‍ය බව කැබිනට් මණ්ඩලයට පෙන්වාදී තිබිණැයි දැනගන්නට ඇත.
එම ඉල්ලීම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෙම සේවකයා අමාත්‍යවරයකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විශ්‍රාම ගිය අවස්ථාවේදීද රජයේ ප්‍රතිපත්තිය අනුව ඔහුට සේවා දීර්ඝයක් ලබාදීමට කටයුතු නොකෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබිනට් එකේ ඉන්න ගොඩක් අයට 73 පැනලා
ඇවිදගන්නත් බැරිමෙවුන් රටටම වදයක්.ගෙදරට වෙලාපුළුවන් එකෙකුට අවස්ථාව දෙන්නෙ නැතිව මැරෙනකම් ඉන්නව.
ඉස්තිරෙන්ම ආර්ථික ගාතකයන්ගෙන් එකෙගෙ සට්ටැබියෙක්
පාර්ලිමේන්තුවේ ආවතේව තනතුරට කීයක් ගෙවනවාද?
මෙය සංවිධානත්මක උත්සාහයකි. මේ මුට්ටිය දැම්මේ පහරක් වදිවිද නැත්නම් අනෙක් අයටත් රුකුළක් වේවිද යන්නටයි. මේ පානෙන් එළිය බලන්න බලාගෙන ඉන්න අධ්‍යක්ෂවරයෙකුගේ තව දුරටත් රැදී සිටිමින් වරප්‍රසාද භුක්ති විදීමට ඇති පෙරේතකම අභිප්‍රාය සපුරාගැනීමට ගත් සැලැස්මකි.
මෙම ශූක්ෂම උත්සාහය තම සේවා කලාය දීර්ඝ කරගැනීමට වෙර දරන ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගේ...