
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ වහලය ස්ථාන ගණනාවක හිල් පැවතීම හේතුවෙන් වර්ෂා කාලවලදී සභා ගර්භයේ යම් යම් ස්ථානවලට පවා ජලය කාන්දුවන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පෙන්වා දෙති.
කාලයක් තිස්සේ පිළිසකර නොකිරීම හේතුවෙන් මේ තත්වය ඇති වී තිබෙන බව ඔවුහු සඳහන් කරති.
පාර්ලිමේන්තුවේ බොහෝ අංශ පිළිසකර කිරීමේ මෙහෙයුමක් යුද හමුදාවේද සහාය ඇතිව ආරම්භ කර ඇත.
පාර්ලිමේන්තුවේ මෙම ඉදිකිරීම් කටයුතුවලට ජෙෆ්රි බාවා පදනම නොමිලේ උපදේශන සේවා ලබාදෙයි
එසේම පාර්ලිමේන්තුවේ මුල් සැලැස්මට හානි නොවන පරිදි එහි ඉදිකිරීම් කරන්නැයි එම පදනම පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ එවකට අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා වර්තමාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිකිරීමේ කටයුතු මෙහෙයවීය.
මේ අනුව මෙරට ප්‍රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පියෙකුවූ ජෙෆ්රි බාවා මහතා එහි ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස තෝරා ගැනුණු අතර ඉදිකිරීම් කටයුතු ජපන් සමාගමකට පවරනු ලැබීය
ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් මුල්කරගෙන නිර්මාණයකර ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සියලු ගෘහනිර්මාණ කටයුතුවලදී දේශීයත්වයට ඉහළ ප්‍රමුඛතාව ලබා දී ඇත
මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 1982 වර්ෂයේදී අවසන්වූ අතර 1982 අප්‍රේල් 29 වැනිදා ගොඩනැගිල්ල උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.
2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
528
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
432
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැතිසබේ වහලත් හිල්වෙලා
ravin Saturday, 06 September 2025 11:46 AM
පහුගිය කාලේ හිටපු හොරුන්ගේ හැටියට වහලේ ඉතුරු වෙලා තියන එකත් ලොකු දෙයක්...
Nandalal DE SILVA - France Saturday, 06 September 2025 03:44 PM
ඕක සිම්පල් දෙයක්නේ... වහින කාලයට ඕක ඇතුළට වතුර එනවා නම්, පායන කාලෙට නියන් කාලෙට, සභාවාර පවත්වන්න දින නියම කරගන්නකෝ.... සල්ලිත් ඉතුරුයිනේ එතකොට...
Asanga Sunday, 07 September 2025 10:31 AM
දැන් ආන්ඩුවෙත් හිල් පිරිලා
Asanga Sunday, 07 September 2025 10:33 AM
ඔය කයිතන්ලා කියන බොරු වලට