IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මැතිසබේ වින්දිත නිලධාරිනියගෙන් පැය 5ක ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදුවී ඇතැයි පැවසෙන හිංසන ක්‍රියා සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ  ප්‍රධානත්වයෙන් යුතු කමිටුව වින්දිත නිලධාරිනියගෙන් අද (11) පැය පහකට වැඩි කාලයක් ප්‍රශ්න කර  ප්‍රකාශ සටහන් කර ගත්තේය.

එම කම්ටුව සිය විමර්ශන ආරම්භ කරමින් වින්දිත නිලධාරිනියගෙන්  මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

නිලධාරිනිය වසර දාහතක කාලයක් පුරා සිදුව ඇතැයි පැවසෙන   එම  සියලුම හිංසන සිද්ධීන්වලට අදාළ සාක්ෂි රැසක්  කමිටුව හමුවට  ඉදිරිපත් කර ඇතැයි  දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් එම නිලධාරිනියගෙන් වැඩිදුරටත් කරුණු විමසීම සඳහා   කමිටුව ලබන 25 වැනිදා නැවත රැස්වීමට නියමිතය.

හිංසන ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබූ නිලධාරීන් සිවු දෙනාගෙන්  ප්‍රකාශ සටහන් කර ගැනීම ඉන් පසුව කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

විශ්‍රාමික විනිසුරු අලහප්පෙරුම මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් දින කිහිපයක් පුරා විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව  සිය අවසන් වාර්තාව කතානායකවරයාට භාරදීමට නියමිතය.

සේවකයන්ගේ ඉල්ලීම්  අනුව කතානායකවරයාගේ දැනුම් දීම මත මෙම බාහිර විමර්ශන කමිටුව පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසිනි.

කමිටුව පත් කිරීමට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක සභාවද අනුමැතිය  දුන්නේය.



අදහස් (0)

මැතිසබේ වින්දිත නිලධාරිනියගෙන් පැය 5ක ප්‍රකාශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 241 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2094 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site