
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පැමිණිලි කර ඇත.
මෙම පැමිණිල්ල කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යොමු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
රැස්වීම් පැවැත්වෙන දිනවල සේවයට නොපැමිණෙන්නේ නම් රැස්වීම් දීමනාවෙන් මෙතෙක් කලක් කප්පාදු කරන ලද සියයට දෙකේ අගය නව වැටුප් චක්‍රලේඛයෙන් සියයට පහ දක්වා වැඩි කර ඇති බවත් එයද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට කරන ලද බලවත් අසාධාරණයක් බවත් එම සේවක සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.
එම අගය පෙර පැවති සියයට දෙකේ ප්‍රතිශතයේ රඳවා තැබීමට කටයුතු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.
එසේම අනෙකුත් රාජ්‍ය ආයතනවල ඉහළ වැටුප් තලවල නිලධාරීන්ට නව වැටුප් වැඩිවීමෙන් හිමිවන වැටුප පාර්ලිමේන්තුවේ අදාළ සමාන තනතුරු දරන නිලධාරීන්ට හිමි නොවන බවත් එමඟින්ද ඔවුනට අසාධාරණයක් සිදුව ඇති බවත් නියෝජිතයෝ පෙන්වා දෙති.
පාර්ලිමේන්තු සේවක සංගමයේ සභාපති ඒ එච්.එල්.ඒ.එස් ජයවර්ධන සහ ලේකම් ආර් ඒ එම් එන් රණසිංහ, පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමයේ සභාපති පී.ජී.පී ප්‍රියංකර සහ ලේකම් බුද්ධිකා අබේසිංහ, පාර්ලිමේන්තු කතා පරිවර්තක සංගමයේ සභාපති අජිත් කුමාර් සහ ලේකම් ලාල් කුමාරසිරි යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය බාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටෙහි පවතින සැබෑ තත්වය වෙනුවට චන්දයට පෙර බොරු මවා පෑ මේ බොරුකාර ආණ්ඩුව මේ නෙලා ගන්නේ තමන් වැපිරූ දේ ය. ලොවෙත් නැති 70 වසරක සාපයක් ගැන නන් දොඩවමින්, මෙරට ආර්ථිකමය වශයෙන් පහළට ඇද දැමීමට තමන් සහ තමා වැනිම වූ එල්ටීටීඊ ත්‍රස්තයන් විසින් කළ විනාසකාරී වැඩ කොටස අමතක කරමින් ජනතාව ගොනාට අන්දු මේ නරුම ආණ්ඩුවට දැන් සිදුව ඇත්තේ ලී ඉරුම් පට්ටලේ හිර වූ වදුරාට වූ දේ ය.
මේකෙ අයගෙන් කීදෙනෙක් මැදමුලන බත්බැලයෝද කියල බලන්න ඇත්තටම සමීක්ෂණයක් කරන්න. ඔවුන් සේවයූන් ඉවත්කරල, නැවත සම්මුඛ පරීක්ෂණ කැඳවල දක්ෂතා, සුදුසුකම් තියෙන අයව විතරක් බඳවගන්න. සුදුස්සාට සුදුසු තැන ලැබුණොත් උතුරේත්, දකුණේත් තරුණ අසහනය නැතිවී රට නැවත ගැටුම්කාරී තත්වවලට නොයනු ඇත.
පාර්ලිමේන්තුවේ නිලධාරින් ඔතනට ගිය හැටි අපි නම් නොදනිමු. කෙසේ වෙතත් හර්ද සාක්ෂියට අනුව ඒ අයත් වැඩ කල යුතුයි. මහජන මුදල් සාධාරණව ගෙවිය යුතුයි. රැස්වීම දිනවල සේවය නොකරනවා නම්, රැස්වීම් දීමනා ගෙවිය යුතුද? එම දීමනා වලින් 5% ක් නෙවෙයි ඊටත් වඩා කැපීමයි සාධාරණය. පාර්ලිමේන්තුවේ අයට විශේෂ බස් පවා යොදවා තිබෙනවා ප්‍රවාහන දුෂ්කරතා අඩු කරන්න.
රැස්වීම් පැවැත්වෙන දිනවල සේවයට නොපැමිනෙන්නේ නම් එම දීමනාවෙන් මෙතෙක් 2% ක් කැපීම 5% කලාම කාර්‍ය මණ්ඩලයට කරන අසාධාරණයක්ලු. ඒක සේවයට නොපැමිනෙන්නේ නම් සම්පූර්ණයෙන්ම කපාහැරීම කරන්න ඕන. ඔය මුදල් ජනතාවගේ නිසා නිකරුනේ බෙදීම සමස්ත ජනතාවවටම කරන බලවත් අසාධාරයක් කියල තේරෙන්නෙ නැද්ද
මේ ආණ්ඩුවට තවමත් එක් එක් සේවාවල විශේෂත්වය හඳුනගන්න බැරිවෙලා තිබෙන බව පෙනේ. ඒකත් අර කියන පලපුරුද්ද නැතිකම නිසාද දන්නෙ නැහැ?