IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


මැතිසබේ මුදල් මගඩියක් සිදුවුණාදැයි හොයනවා

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන් පිරිසක්  රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නියෝග  උල්ලංඝනය කරමින්   දීමනා  ගැනීමෙන් රජයට කෝටියකට ආසන්න  පාඩුවක් වාර්ෂිකව සිදුවන බවට ලැබී ඇති  තොරතුරක් සම්බන්ධයෙන් මූල්‍ය අංශවල විශේෂ අවධානය යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී
අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය   ආචාර්ය අනිල්  ජයන්ත මහතා පැවසුවේ ඒ ගැන තමා සොයා බලන බවයි.

රජයේ රජයේ ආයතනවල විධායක නිලධාරීන්ට හිමිවන  25000 ක විධායක නිලධාරී දීමනාව  යම් නිලධාරියකු ගන්නේ නම් වෙනත් දීමනා ගැනීමට නොහැකි බව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛවල( 18(2015) EST/ 8/ ALLOW/ 03/ 121 )  පැහැදිලිවම සඳහන් වෙද්දි මෙම නිලධාරීන් පිරිස  කාලයක සිට එම  විසිපන් දහසේ  දීමනාවට අමතරව  තවත්  දීමනා  ගන්නා බව
වාර්තාවේ.

විධායක නිලධාරියෙකුට යම් ආයතනයකින් ලැබෙන දීමනාවල එකතුව  25000කට  වඩා අඩු නම් එම දීමනා  දෙකේ වෙනස පමණක් ගත හැකි බව    චක්‍රලේඛයේ වැඩිදුරටත්  සඳහන්වන නමුත් මේ ආයතනයේදී  එම නීතිය හරියාකාරව ක්‍රියාත්මක වී නැතැයි පැවසේ. මේ හේතුවෙන් රජයට වසරකට කෝටියකට ආසන්න පාඩුවක් සිදුවන බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අප අධ්‍යක්ෂ (මූල්‍ය) සරත් කුමාර මහතාගෙන්  කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳව  තමාට   කරුණු  දැක්විය නොහැකි බවයි.

මේ ගැන අපි  පාර්ලිමේන්තුවේ තවත් නිලධාරියෙකුගෙන්  කරුණු  විමසුවෙමු.
එහිදී  ඔහු පැවසුවේ   පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල  උපදේශක කාරක අනුමැතියදී ඇත්තේ විධායක නිලධාරීන්ට    රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව    දීමනා ගෙවන ලෙස පමණක්  බවයි.

මේ කාරණය  සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විගණන අංශ අවධානය යොමු නොකිරීම ගැනද  මුදල් අමාත්‍යාංශ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇත.



අදහස් (0)

මැතිසබේ මුදල් මගඩියක් සිදුවුණාදැයි හොයනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 308 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1617 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site