(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර නිලධාරීන් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියේ විමර්ශන පොලිස්පතිවරයාට බාරදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
මෙම විමර්ශනයට අදාල ලිපිගොනු පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් නීතිපතිවරයාට පසුගියදා බාර දෙනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි පවතින බව පෙනී යන හෙයින් විමර්ශන කටයුතු පොලිස්පතිවරයාට බාර දෙන ලෙස ඒ අනුව නීතිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අනුව සිද්ධියට අදාළව මෙතෙක් කරන ලද පරීක්ෂණවලට අදාළ සියලු ලිපිගොනු සියල්ල පොලිස්පතිවරයාට අද හෙටම බාරදෙන බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහපාලක ඇතුළු දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇත.
එම දෙපාර්තමේන්තුවේ සේවිකාවෝ විස්සකට වැඩි පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළහ. සිද්ධිය පිළිබඳව මුලින්ම පරීක්ෂණ පවත්වනු ලැබුවේ පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර පරීක්ෂණ මණ්ඩලයක් විසිනි.
දැනට කරන ලද පරීක්ෂණවලදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසකගේ නම් සදහන්වී ඇති බව දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබේ අනංගයන් සෙවීම පොලිස්පති බාර ගනී
C.K.LLankaputhra Saturday, 09 December 2023 12:09 PM
අනංගයන් කවුදැයි ආන්ඩුකාරයින්ගෙන් අහලා තමයි අල්ලන්න වෙන්නේ. නැතුව මයිල් ගහකටවත් අත තියනවා බොරු...!
sam Saturday, 09 December 2023 05:34 PM
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර නිලධාරීන් පමණක් නොව දේශපාලකයන් පවා සිටින්නට හැකියාව පවතී. මේ පිළිබදවද සොයා බලන්න. ඉදිරි දේශපාලන වේදිකාවට අලුත් පිරිසකට වැදගත් මාතෘකාවක් වේවි...!!!
Amal Saturday, 09 December 2023 06:14 PM
මැතිසබේම අනංගයින්ගෙන් පිරී ඇත. නිලධාරීන් විතරද? මන්ත්‍රීවරුන් !!!
Observer Sunday, 10 December 2023 07:45 AM
එතකොට පොලිස්පතිට තියෙන චෝදනා විභාගයට ගන්නේ කවුද?