
(යොහාන් භාසුර , ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)
ඉන්දීයාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා පිලේ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්ව සිටින බවත් ඔහුගේ ආබාධය පිළිබඳව ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගනු ඇති බවත් ශ්‍රී ලංකා පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා අද (20) පෙරවරුවේ පැවසීය.
මතීෂ පතිරණ මීට පෙර තරගයේදී පන්දුව යොමු කිරීමේදී උරහිසේ ආබාධයකට ලක් වූ බව කී නවාස් මහතා ඔහු මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන් කළේය.
මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි සියලුම තරග අහිමි වීමේ අවදානමක් ඇති බවද කණ්ඩායම් ආරංචිමාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ මුන් ඔක්කොම අංශබාග කාරයොනේ.
අනිවාර්යයෙන්ම ඔව් ඒ හිඩැසට ඇන්ජලෝ ව ගෙන්න.
හිටියා කියලා වැඩක් තියෙනවද?
ලෙඩ හොඳ කරන ,කෙලින් බෝලේ දාන්න පුරුදු වෙලා වරෙන් පුතේ
දැන් ඇන්ජෙලෝ නාකියි,හරියට ඇවිදගන්නවත් බැහැ.අපේ ටීම් එකක්ද නැත්නම් ඉස්පිරිතාලයක්ද ? ලෙඩ වාට්ටුවටම විටමින් දෙන්න, රෑට රෑට වල්කමේ යන එක නවත්වන්න.
මේ ටීම් එකම ලෙඩ්ඩු.මේ ලෙඩ්ඩුන්ට පත්තියම් කෑම දීලා , කසාය දෙකක් සහ උදේ සවස කෑමට ගන්න කල්කයක් නිර්දේශ කරමි.සවස නෑමෙන් වැළකිය යුතුයි.සෑම උදේකම වැල්පනේල කැඳ බිමට දෙන්න.ස්ත්‍රී සංගමය සම්පුර්ණයෙන් වැළකිය යුතුයි.මාස 6ක්වත් මේ බෙහෙත් නියම නිර්දේශයන්ට අනුව කිරීමෙන් ,මීළඟ සීසන් එකේදී ලෙඩ නොවී ක්‍රීඩා කල හැකිවේ. මගේ නිර්දේශයන් - මීළඟ ක්‍රිකට් ටීම් එක තෝරාගත් වහාම සියලුම ක්‍රීඩකයින් " කර ඇඹිය " ( හරකුන්ගේ කරන ලෙස ) යුතුයි,ඊට අකමැති අයගේ අදාළ කොටස සුනකයින්ගේ කරන්නාසේ කපා ඉවත්කළ යුතුයි .
අපේ ටීම් එකත් කවදා හරි බ.ඉ.කොදෙව් වගේ වෙනවා. ඔක්කොම ළමයි මන්දපෝෂණ කාරයින්. හැබැයි බැංකු පොත් නම් පිරිලා ඉතිරිලා ඇති... IPL/LPL වලින් හොයපුවාගෙන්...!