(යොහාන් භාසුර )
ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ඉන්දියාවට පැමිණිය ද නෙදර්ලන්තයට එරෙහිව හෙට (21) පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොමැති බවත් එම ක්‍රීඩකයන් දෙදෙනාම මේ දක්වා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව නොමැති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙක් පැවැසීය.
ආබාධයකට ලක්ව සිටින මතීෂ පතිරණගේ ස්ථානයට වෙනත් ක්‍රීඩකයෙක් ආදේශ කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තාක්ෂණික කමිටුවෙන් මේ දක්වා ඉල්ලීමක් කර නොමැති බව කී එම නිලධාරියා එවැනි තත්ත්වයක් තුළ මැතිව්ස්ට හෝ දුෂ්මන්තට හෙට තරඟයට ක්‍රීඩා කිරීමේ කිසිදු අවස්ථාවක් නොමැති බවද එම නිලධාරියා සඳහන් කළේය.
ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර මේ වන විට ඉන්දියාවට පැමිණ සිටින අතර කෙසේ වෙතත් අද පස්වරුව දක්වා සංචිතයට එකතු වී සිටියේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම 90 දශකයේ අර්ජුන , ගුරුසිංහ , අරවින්ද , මුරලි ,සනත් යන මහත්වරු ක්‍රීඩා කරන තරඟ නැරඹීමට වාසනාවන්ත විය , එම සොඳුරු මතකයන් මගේ සිතේ තවම ඇත , ඔවුන්ට ඉදිරියටත් ශක්තිය බලය සහ දිර්ඝායුෂ ප්‍රර්ථනා කරන අතර , ඔවුන්ට ක්‍රීඩා පිටියෙන් පිටත සිට ධෛර්යය දුන් ආන පුංචිහේවා මහත්මයා සහ ටෝනි ග්‍රෙග් මහතාත් අමතක කල නොහැකි බව සදහන් කරන්න ඕනේ , බුකි කාරයන් විසින් පාලනය කරන බහුතරයක් මහත් හොරු ක්‍රීඩා කරන හෙට තරඟය බැලීමෙන් මම වැලකෙමි , ඕක බැලුවොත් අවසානයේ ඉතුරු වෙන්නේ හිතේ දුකකි , මිට වැඩිය යෝන්දඊ මේ කාලය යොදවා youtube එකේ අපේ පරණ වීරයෝ ක්‍රීඩා කරන පරණ ක්‍රිකට් තරඟයක් නරඹන එක .
90 දශකයේ මැච් එකක් youtube එකේ බැලුවහම හිතට හරිම සතුටක් ලැබෙනවා , කොල්ලෝ සෙට් එක අර්ජුන අරවින්ද වටා රොක් වෙමින් , උපරිම ජවයක් යොදවමින් රට වෙනුවෙන් ක්‍රීඩා කරන ආකාරය දකින කොට , කුමාර දර්මසේනගේ උනන්දුව , උපුල් චන්දනගේ පන්දු රැකීම් , කලුගේ විකට්ටුව පිටුපස සිට කරන කෑ ගැසීම් හරිම ලස්සනය , හරිම චමත්කාර ජනකය
90 දශකයේ අපට මොන ස්කෝර් එක දුන්නත් එළවලා ගහනවා , අර්ජුන රණතුංග එම දිනවල බඩ තිබුනත් නායකත්වයේ වගකීම කරට අරන් ඇවිද ඇවිද එක දෙක බැගින් ලකුණ ලකුණ හරි අරන් ලකුණු රැස් කරමින් , අනෙක් ක්‍රීඩකයන්ට දිරියක් දෙමින් පිටිය මැද ඉන්නවා ගොන් ෂොට් ගහල දැවිල යන්නේ නැහැ , මෙහෙම මැදපෙළ කඩ වැටීමක් තිබුනේ නැහැ , අන්තිමට එන මුරලිත් ලකුණු ගහනවා , ඔපෙනින්ග් පෙයර් එක පලවෙනි ඔවෙර් 5 නොදැවී බැට් කලොත් , ප්‍රතිවධි බොලර්ල ගේ ඔලුව නරක වෙලා මානසිකව වැටෙනවා , ඕවර් 10 හිටිය කියන්නේ ප්‍රතිවධිට මල්ටි බැරල් රොකට් ප්‍රහාරයක් වැදුන වගේ , දැන් මැද පෙළ ඉන්න සුපර් ස්ටර්ලට වැඩිය හොඳට වාස් ලට බැට් කරන්න පුළුවන් , දැන් වගේ පෝෂණය පිලිබඳ ලෝක පුජිත උපදේශකයෝ නැති වුනත් ක්‍රීඩකයෝ ලෙඩ වෙන්නේ නැහැ , ලෙඩ උනත් කොර නොන්ඩි ගගහ , හතී දම දමා හරි මැච් එක දිනනවා
තුවාලය ඔඩු දුවලා ඉවරයි. දැන් antibiotic දුන්නාට වැඩක් වෙන්නේ නැහැ.
90 දශකයේ සිටියේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයෝ.දැන් ඉන්නේ රේන්ජ්රෝවර් වලින් යන මුදලාලිලා ඔවුන්ගේ අරමුණු වෙනස්.මුලින් උනන්දුවෙලා සෙල්ලම් කරනවා සල්ලි ඉල්ලම පෑදුනාට පස්සේ වැඩේ ගොඩ ,ඕනේ පිස්සුවක් නටන්න පුළුවන් ,මණ්ඩලේ පාලනය කරන්නේ ලංකාවේ ලොකුම බුකී කාරයාගේ ගෝලයෝ උන නාකි සල්ලාලයෝ ,කිසිම විනය පාලනයක් නැහැ