(යොහාන් භාසුර)

මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා මහජන අදහස් ඉදිරිපත් කිරීමේ කාලය ලබන ජනවාරි මස 15 වැනිදා දක්වා දීර්ඝ කළ බව මැතිවරණ නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මහජනයාට, දේශපාලන පක්‍ෂ, සංවිධාන සහ මැතිවරණ නීතිය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ලිඛිතව ලබන ජනවාරි මස 15 වැනිදා හෝ ඊට පෙර [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ ලේකම්, මැතිවරණ නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව, අංක 21, SEMA     ගොඩනැගිල්ල, ජනාධිපති මාවත, කොළඹ 1 (මැතිවරණ සංශෝධන) යන ලිපියට හෝ යොමු කළ යුතුය.

මහජන අදහස් ඉදිරිපත් කිරීම මේ මස 15 වැනිදා අවසන් කිරීමට එම කොමිෂන් සභාව මීට පෙර තීරණය කර තිබුණි.