
(අංජුල මහික වීරරත්න)
මෙම මැතිවරණ වසර ඉලක්ක කර ගෙන ජාතිවාදය ආගම්වාදය වැපිරීමට ඉඩ නොදිය යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
නීතිය යාවත්කාලීන කිරීමට 2024 වර්ෂයේ නව පනත් කෙටුම්පත් 60 ක් සම්මත කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීය.
2024 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සවයට එක්වෙමින් විජයදාස රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
රාජ්‍ය සේවකයින් ලෙස සෑම වසරකම ප්‍රතිඥාව දුන්නත් රාජ්‍ය සේවකයා පිළිබදව පවතින්නේ යහපත් ආකල්පයක් නොවන බව අමාත්‍යවරයා කීය.
රටට අවශ්‍ය වෙනස හා මිනිස්සුන් ඉල්ලු වෙනස කරන්න කෑ ගැසූ අයට නොහැකි වුවද රජයට නිශ්ශබ්දව එම වෙනස කරන්නට හැකි වූ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොරොන්දු වෙලා තාම හොරකම් කරන්නේ... රෙස්පක්ට් දාන්නේ....!
මැතිවරණ වසරේ පමණක් නොවෙයි, ලංකාව ඇතුළත ජාතිවාදය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න පුළුවන් කමක් නැද්ද?
ඡන්දෙ ඉවර වෙලා කමක් නැද්ද? නන්දසේනට වෙච්චි දේ මතක් වෙලාද කොහේද?
මීට වැඩිය ලොකු පොරොන්දු දීලා ජනතාව අන්දවපු දේශපාලුවන් ඉන්න රටක, ඔය මොන කතා කිව්වත් දැන් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ...!
එතකොට කොහොමද අපි 30 අවුරුදු යුද්ධය නිමා කරපු අපේ සිංහල බෞද්ධ නායකයා කියලා කටක් ඇරලා කියන්නේ?
හැමසැරේම ජාතිවාදේ අවුස්සලා ගොඩ ගිය අය කියනවා ජාතිවාදේ නැතිකරනවාලු. මේවාට හිනායන්නේ කටින් නෙමෙයි.
මේ කාලකන්නියා අදා ගෝටා ව රැක්කේ නැත්නම් අද රට මේ තත්වයට වැටෙන්නේ නෑ .මුගේ ඩීල් වැඩ නිසා තමයි රටට කෙල උනේ .දැන් එනවා ප්‍රතිඥා දෙන්න .මූ හිතාගෙන ඇති අපි මැරිලා ඉපදිලා කියලා .කාලකන්නියා