
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
බොහෝ වාද විවාදවලට තුඩු දුන් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය 24 වැනිදා සිය සහතිකය සටහන් කළේය.
මේ අනුව එම පනත් කෙටුම්පත එදින සිට බලාත්මක වනු ඇත.
මැතිවරණ අපේක්ෂකයන් ඡන්ද වලදී වැය කරන මුදල් සීමා කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත මගින් විධිවිධාන සැලසේ.
මීට අමතරව පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතටද කතානායකවරයා සිය සහතිකය සටහන් කිරීමෙන් බලාත්මකවිය.
මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේදී පසුගියදා වැඩි ඡන්දයෙන් සම්මතවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd