
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී හෙට (17) පැවැත්වේ.
නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය ( ඇන්ෆරල්) සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයන් මෙම සාකච්ඡාවට සහභාගී වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
මේ අතර ඡන්ද විමසීමට අදාල සියලු කටයුතු සූදානම් කර ඇති බවත් රාජ්‍ය නිලධාරීන්ට දිය යුතු සියලුම උපදෙස්ද නිකුත් කර අවසන් ඇති බවත් සභාපතිවරයා කීවේය.
මෙවර ජනාධිපතිවරණයේදී වෙනදාට වඩා ජනතාව උනන්දුවෙන් ඡන්දය පාවිච්චි කරනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසූ රත්නායක මහතා උදෙන්ම ඡන්ද පොළට ගොස් සිය ඡන්දය පාවිච්චි කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
අනෙකුත් මැතිවරණවලට සාපේක්ෂව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බවත් එය හොඳ ප්‍රවණතාවක් බවත් හෙතෙම සඳහන් කළේය.
බොහෝ ආධාරකරුවන් වැරදි පෙන්වා දුන් පසු ඒවා නිවැරදි කරගෙන කටයුතු කළ බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණ ලොක්කෝ නිරීක්ෂකයන් හමුවෙති