IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරකථනයක් බලහත්කාරයෙන් කොල්ල කමින් සිටියදී (22) දා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි නිරතව සිටි (21200) පොලිස් කොස්තාපල් වරයෙකි.

මෙම නිලධාරියා ඉකුත් 19 දා විශේෂ මැතිවරණ රාජකාරි සඳහා කහතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්ත කර තිබු අතර 21 දා රාත්‍රියේ ස්ථානයට නොදන්වා මෙසේ අනවසරයෙන් බැහැරට ගොස් 22 දා උදෑසන 08.30 පමණ  ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයකුගේ ජංගම දුරකථනයක් බලහත්කාරයෙන් කොල්ලකන  අවස්ථාවේදී සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු ග්‍රැන්ඩ්පාස් පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (0)

මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site