
( ෂේන් සෙනෙවිරත්න )
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ ප්‍රබල දේශපාලකයකුගේ දියණියකගේ මැතිවරණ ප්‍රචාරණ පෝස්ටර් අලවමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .
මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් පිරිසක් ඊයේ (23) රාත්‍රියේ දංගොල්ල ප්‍රදේශයේ ජංගම මුර සංචාරයේ යෙදෙමින් සිටියදී ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී නීති විරෝධී ප්‍රචාරණ පෝස්ටර් 86 ක් සමග පාප්ප බාල්දියක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
සැකකරුවන් අද (24) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ගැනු ලමය ගෙදර තියමු , ඔය කිරිඇල්ලගෙ කෙල්ල, ඇතුලට යන්න ඉස්සෙල්ලම නීති විරෝදි වැඩ , ඒ තමයි ස ජ බෙ දේශපාලන හැදියාව