(රන්ජන් කටුගම්පොල)
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ‘‘ජන අරගල සංවිධානය’ ‘ස්වාධීන කණ්ඩායම්’ 40ක් ගොනුකොට ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම 03 වැනි දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
ලිඛිත දේශන ඇත්නම් එදින ගොනුකරන ලෙසද පාර්ශ්වකරුවන්ට වැඩිදුරටත් නියෝග කෙරිණි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලිණ.
‘ජන අරගල සංවිධානය’ ‘ස්වාධීන කණ්ඩායම්’ ‘ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය’ සහ ‘ඉලංගෙයි තමිල් අර සුකච්චි’ ඇතුළු පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 40ක් ගොනු කොට ඇති පෙත්සමවල වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම ඇතුළු පිරිසක් නම් කර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මැතිවරණ පෙත්සම් 3 දක්වා කල් යයි