(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවෙි නාඩි වැඩ කරන්නේ කොහොමදැයි මැතිවරණ කොමිසම බලා සිටීම නිසා එම ඡන්දය නොපවත්වා සිටින බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් ආණ්ඩුවෙන් නැති බවට  ජනාධිපති පාර්ලිමේන්තුවට කිව යුතු බවද දිසානායක මහතා කීය.

මාර්තු මාසේ 20 වැනිදාට පෙර අලුත් පළාත් පාලන ආයතන පිහිටුවිය යුතු බවද එසේ නම්  දෙසැම්බර් හෝ හෝ ජනවාරියේ නාමයෝජනා නිකුත් කිරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ යුතුව තිබෙන බවද අනුර දිසානායක මහතා පැවසීය.

මැතිවරණය පැවැත්වීම ගැන නීතිපතිගෙන් විමසමින් සිටිය යුතු නැති බවද මැතිවරණය පැවැත්වීමට කොමිසමට බලය තිබෙන බව ද කී අනුර දිසානායක මහතා කොමිසමට හෙට වුණත් නාමයෝජනා කැදවීමේ ගැසට් පත්‍රය නිකුත් කළ හැකි බවද කීය.