(මහින්ද නිශ්ශංක)

මහනුවර _මාතලේ අතර දුම්රිය ධාවනය ලබන 18 දා මධ්‍යම රාත්‍රියේ සිට 21 දා අලුයම් 4.00 දක්වා අත්හිටුවීමට සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මහනුවර හා කටුගස්තොට අතර අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා මෙසේ දුම්රිය ධාවනය නතර කරන බවද  එම දෙපාර්තමේන්තුව කියයි.

මහනුවර _මාතලේ අතර දිනකට දුම්රිය ගමන් වාර 12 ක් පමණ ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිකාර්යාල පවසයි.