
(යොහාන් භාසුර)
වසර ගණනාවක සිට අබලන්ව තිබෙන මාතලේ නන්දිමිත්‍ර ඒකනායක කෘත්‍රීම ජාත්‍යන්තර හොකී ක්‍රීඩාංගණය නැවත සැකසීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය සහ ආසියානු හොකී සම්මේලනය මැලේසියාවේ ක්වාලාම්පුර් නුවරදී අවබෝදතා ගිවිසුමට අද (17) අත්සන් තැබීය.
ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව එම ක්‍රීඩාංගණය නැවත සැකසීම සඳහා ආසියානු හොකී සම්මේලනය ඇමෙරිකානු ඩොලර් 235,000 ක් හෙවත් රුපියල් කෝටි 7 කට අධික මුදලක් පිරිනමන අතර ක්‍රීඩාංගණය නැවත සැකසීමට රුපියල් කෝටි 11 ක් වැයක් ඇස්තමේන්තු කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සඳහා වන ඉතිරි මුදල පිරිනැමීමට එකඟ වී ඇති අතර මෙම ව්‍යාපෘතිය ජනවාරි මාසයේ ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ කෘත්‍රීම හොකී ක්‍රීඩාංගණ දෙක වන මාතලේ නන්දිමිත්‍ර ඒකනායක කෘත්‍රීම හොකී ක්‍රීඩාංගණය සහ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රීම හොකී ක්‍රීඩාංගණවල කෘත්‍රීම තණ තීරුව 2009 වසරේ සිට නවීකරණය නොකිරීම නිසා ක්‍රීඩා කිරීමට නොහැකි වී තිබේ.
ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක සහ ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් ශමාල් ප්‍රනාන්දු සහ ජාත්‍යන්තර හොකී සම්මේලනයේ සභාපති තයාබ් ඉක්ක්‍රම් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 16
33
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාතලේ හොකී පිටිය නැවත සැකසීමට ගිවිසුම් ගතවෙයි