IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මෛත්‍රිට අතුරු තහනමක්

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරීම වලක්වමින් හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින්ට අතුරු  තහනම් නියෝගයක් නිකුත් කළ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා නඩුව ඒකපාර්ක්ෂිකව විභාග කිරීමට අද (09) නියෝග   කළේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම හා විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කරුණු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට නියම කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර,ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහත්වරුන් විසින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන , සාරථි දුෂ්මන්ත,ෆයිසර් මුස්තාපා හා සරත් ඒකනායක,කේපී ගුණවර්ධන හා හෙක්ටර්  බෙත්තමගේ  යන මහත්වරු විත්තිකරුවන් කරමින් පසුගිය   අප්‍රේල් මාසයේදී පැවරු නඩු තුනක් සලකා බැලීමෙන් පසුව මෙම තහනම් නියෝග නිකුත් කළේය.

විත්තිකරුවන්ට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේදී පැනවූ වාරණ නියෝග තහවුරු කරමින් මෙම අතුරු තහනම නිකුත් කෙරිණි.

2024 මාර්තු මස 30 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව රැස්වී ගත් තීරණ අනුව පැමිණිලිකරුවන් විසින් දරන තනතුරු විත්තිකරුවන් වන සරත් ඒකනායක,කේපී ගුණවර්ධන හා හෙක්ටර් ට බෙත්තමගේ  යන අයට ලබාදීමට ගත් තීරණය නීති විරෝධී හා අත්තනෝමතික බවට තීන්දුවක් ඉල්ලා මෙම නඩු තුන පවරා තිබිණි.

ඊයේ මෙම නඩු කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ප්‍රාර්ථනා දයානන්ද හා සචනා පෙරේරා මහත්මීහු අධිකරණයේ පෙනී සිටියහ.

නඩුව ඉදිරියට පවරා පවත්වාගෙන යෑමට විත්තිකරුවන්ගෙන් උපදෙස් ලැබී නොමැති බව නීතිඥවරියක් අධිකරණයේ ඉදිරියේ කරුණු දක්වමින් පැවසුවාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා පසුගිය අප්‍රිල් මාසයේදී ලබා දුන් වාරණ නියෝගය සම්බන්ධයෙන් විත්තිකරුවන් විරෝධතා ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බැවින් අතුරු තහනම් නියෝග නිකුත් කරමින් නඩුව ඒක පාක්ෂික විභාගයට දින නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටින අතර විත්තිකාර නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙනුවෙන් නීතිඥ අමිල පෙරේරා,නීතිඥ සංජීව කළු ආරච්චි මහත්වරුන්  පෙනී සිටියහ.

නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි 16 දිනට නියම කෙරිණි.



අදහස් (0)

මෛත්‍රිට අතුරු තහනමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site