

(ප්‍රසංග පෙරේරා සහ වත්තල සරත් චින්තක)
ගොල්ෆ් ක්‍රීඩාංගණයක් හා තවත් ඉදිකිරීම් සඳහා මුතුරාජවෙල තෙත් බිම් අභය භූමියේ අක්කර 700ක් ගොඩ කිරීමට එරෙහිව සුරකිමු මුතුරාජවෙල සංවිධානය විසින් ජා-ඇල නගරයේ දී උද්ඝෝෂණයක් අද(14) පවත්වනූ ලැබීය.
උද්ඝෝෂණයට එක්වී සිටි පිරිස පවසා සිටියේ පෞද්ගලික සමාගම් කිහිපයක් එක්වී මෙම ගොඩකිරීම් සිදු කරන බවය. මුතුරාජවෙල ගොඩකිරීමේ කටයුතු සදහා රාජ්‍ය ආයතන කිහිපයකම සහයෝගය ද ලැබී තිබෙන බවද තවද වත්මන් රජය පරිසරය සුරකින බවට ජනතාවට ප්‍රතිඥා දී බලයට පැමිණියද අද පරිසරය විනාශය හමුවේ ආණ්ඩුව නිහඬ බවද රාජ්‍ය නිලධාරීන් මුතුරාජවෙල ගොඩකිරීම සදහා අවසර ලබා දෙන්නේ දේශපාලන අවශ්‍යතා මත බවද ඔවුහු පැවසූහ.
විරෝධතාවය සදහා පොලිස් ආරක්ෂාව ද යොදා තිබිණි.
මෙම උද්ඝෝෂණයට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පළාත් සභාමන්ත්‍ර මහින්ද ජයසිංහ ඇතුළු ජනතා නියෝජිතයන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
503
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුතුරාජවෙල ගොඩකිරීමට එරෙහිව ජාඇළ දී විරෝධතාවක්
sharm warn Wednesday, 20 January 2021 07:00 AM
මුතුරාජවෙල විතරක් නොවේ... මෙහෙම යද්දී සිංහරාජයත් ගාණකට දීලා දාවි. එච්චරටම ඉඩම් පෙරේතයින් ටිකක්නේ පත්කරගත්තේ..
kasthuri Wednesday, 20 January 2021 08:51 AM
විපක්ෂයේ හිටපු කාලේ මීට විරුද්ධව රජයටචෝදනා කරමින් උද්ඝෝෂණ කෙරුවා. ඒත් අද.., පවුල් වාදී රජයක කාලක්‍රියාව!!!