(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ මූල්‍ය ප්‍රශ්නය සමනය වන තුරු අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම වසර පහකට නවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
රටේ තියන වාහන හොඳටම ප්‍රමාණවත් බවද ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය ඇතුළු බදු නියෝග කිහිපයක් පිළිබඳ විවාදයේදීය.
මත්පැන් මත්ද්‍රව්‍ය නොමැතිව ඇගපත වෙව්ලන දරුවන් රටේ සිටින බවද මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයාටත් කුඩුකාරයන්ගෙන් තර්ජනය එල්ල වෙලා තියෙනවා කියලා වාර්තාවක් මම දැක්කා. මාව මරන්නත් කුඩුකාරයන් එදා නොයෙක් දේවල් කළා. මම කුඩුකාරයන්ට මරණ දඬුවම නියම කළා.
මත්පැන් සිගරට් බදු වැඩි කිරීම හොඳයි. මත්ද්‍රව්‍ය නිවාරණයට වැඩි අවධානය යොමු කළ යුතුයි. පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලින් බේරා ගත යුතුයි. මත්පැන් මත්ද්‍රව්‍ය නැතුව ඇගපත වෙව්ලන දරුවන් අද රටේ ඉන්නවා.
අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම වසර පහකට නවත්වන්න කියලා ඉල්ලනවා. රටේ මේ තියෙන වාහන හොඳටම ඇති. අධි සුඛෝපභෝගී වාහන සඳහා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් යනවා. විදේශ වත්කම් පහත වැටෙන්න ඒක ප්‍රධාන හේතුවක්. පළාත් පාලන මැතිවරණයට ඉල්ලූ රාජ්‍ය සේවකයන් විශාල පිරිසකට මාස පහක් තිස්සේ වැටුප් නැහැ. මේ පිරිසෙන් ඉදිරි කාලයේදී සිය දිවි නසා ගැනීම් වාර්තා වෙන්න පුළුවන්. රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි.
ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය නැවතිලා තියෙන්නේ. රජය මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද. ඒ වැඩපිළිවෙල නැවත ආරම්භ කළ යුතුයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හුටන්, ඔබලා ඔය මහජන මුදලින් විඳිනා අසීමිත සැප සම්පතුත් ඔය කියන වසර පහට නවත්තපල්ලකෝ... අධි සුඛෝපභෝගි වාහන,මහජන මුදලින් නඩත්තුවන මහා මන්දිර, මහජන මුදලින් ආහාරපාන මෙකී නොකී අසීමිත සැප සම්පත්... මේ කිසිඳු අසීමිත වරප්‍රසාදයක් භුක්ති නොවිඳිමින් තම පුද්ගලික නිවසේ තම සැඳෑසමය ගතකරමින් අසනීපව මහනුවර මහ රෝහලින් නේවාසිකව ප්‍රතිකාරගත් ගරු විශ්‍රාමික ජනතා වාදී ඩී. බී විජේතුංග වැනි උතුමන් පූර්වාදර්ෂය දී ඇත. එවැනි උතුමන් සිටි රටක හාල් පාරුවන් සිටීම අප අවාසනාවකි.
හරි බොස්... තේරුණා..!
කොල්ලො ඔයාගේ තියෙන වාහන රොත්තත් සේල් එකට දාන්න.. රටේ සල්ලි නැති හින්දා..!
බලය තියෙනකොට ඔලුව නැහැ... ඔලුව තියෙනකොට බලය නැහැ...
කතාව හරියට මරුටියේ යනවා වගේ... අනේ යන්න හිටන් යන්න...
කිඹුල් කදුලු හෙලනවබොරු පුරාජේරු