(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලෝකය පුරා ඇති වෙන යුද තත්ත්වයන් නැති කරන්නේ කොහොමදැයි පාප් වහන්සේ 2017 වසරේ දී වතිකානුවට ගිය අවස්ථාවේ තමාගෙන් විමසූ බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය.
තමාට එම ප්‍රශ්නය සඳහා දෙන්න තිබුනේ දිග උත්තරයක් වන හෙයින් කිසිත් නොකියා පාප් වහන්සේ දෙස බලා හිනා වුන බව කී සිරිසේන මහතා එවිට උන් වහන්සේ වචන දෙක තුනකින් උත්තර දුන් බවද සඳහන් කළේය.
යුද්ධ වලට ප්‍රධානම හේතුව ආයුධ නිෂ්පාදනය කරන සමාගම් බරපතළ දරුණු ආයුධ නිෂ්පාදනය කිරීම බවද දරුණු ආයුධ නිෂ්පාදනය නොකරනවා නම් ලොව කිසිම රටක මෙවැනි දරුණු ගැටුම් මතු නොවන බව පාප් වහන්සේ පැවසී යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඊශ්‍රායල, පලස්තීන යුද ගැටුමට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන්නැයි ඉල්ලමින් පැවැති සභාව කල්තැබීමේ විවාදය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගෙ අම්මගෙන්නෙ පේන අහලා තියෙන්නේ. ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය බරහිර ක්‍රිස්තියානිකරණය නැවත්තුවා නම් යුද්ධ ඇතිවෙන එක නවතිනවා.
මොවුන්ට හිනාවෙනවා ඇරෙන්න උත්තර දෙන්න ඉංග්‍රීසි දන්නවද?
පිට රටවල ගිහින් හිනා වෙනවා ඇරෙන්න මේ මනුස්සයා මොනවා කියලා කරන්නද ?
"හිටන් " උන්නැහැට ඔයවගේ බරපතල ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න පුලුවන්ද කියා පාප්තුමා දැනගෙන හිටියානම් ,එතුමා එවැනි පැනයක් පොළොන්නරු ගොවියාගෙන් අහන්නේ නැත
පාප් වහන්සේට සිංහල පුළුවන් නිසා හොඳයි...