(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුරුන්දැයි තම දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය හෙට (27) අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිද්ධියට අදාළව මෛත්‍රීපාල සිරිසේන මහතා රහස් පොලිසිය හමුවේ කළ ප්‍රකාශය නීතීපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අධ්‍යනය කළ නීතීපතිවරයාගෙග් උපදෙස් මත මෙහි විමර්ශන වල ප්‍රගතිය අධකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටටීමෙන් අනතුරුව එහි නිලධාරීන් විසින් ඔහුගෙන් පැය 6කට අධික කාලයක් පුරා සිද්ධිය සම්බනධයෙන් ප්‍රශ්න කරමින් ලබා ගත් ප්‍රකාශයේ උධෘත ඉදිරි නෛතික කටයුතු සඳහා නීතීපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව එය අධ්‍යනය කළ නීතීපති දෙපාර්තමේනතුවේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් එහි අන්තර්ගතය අධ්‍යනය කළ බවද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නීතිපතියා සත පහකට විශ්වාස කරන්න බැහැ ,මොනවා හරි ජිල් මාට් එකක් දාලා අත යට ගහනවා
ගලේ පහරපු බළලා කියන උපමාව මතක් වුණා...