(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වලස්ගල දෙමටපිටිය කුමාරතුංග මාවතේ දී සිදු කළ වෙඩි තැබීමකින් තිදරු පියකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.
දරුවන් දෙදෙනා දික්වැල්ලේ පාසලක් වෙත රැගෙන යාමට යතුරු පැදියෙන් නිවස ඉදිරිපිට පැමිණ ඒ අසල මාර්ගයේ නතර කරන අවස්ථාවේ එම ආසන්නයේ නතර කර තිබු මෝටර් රථයකින් පැමිණ පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනයෙන් හෙළිවී ඇතැයි පොලිසිය කියයි .
මෙම වෙඩි තැබීමට මෝටර් රථයෙන් කිහිප දෙනකු පැමිණ ඇති බවත් වෙඩි තැබීමෙන් අනතුරුව කුමාරතුංග මාර්ගය ඔස්සේ වැවුරුකන්නල දෙසට පලාගොස් අතැයි පොලිසිය කියයි.
ව්‍යාපාරිකයකු වන මෙම වෙඩි වැදුනු තැනැත්තා පවුලෙන් වෙන්වී ජිවත් වුවත් දරුවන් ගැන සොයා බලන බව වාර්තා වේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd