IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


මාතර මාධ්‍යවේදියෝ ආපදා වූ මාධ්‍යවේදීන් සොයා යති

(තරංග ගුණරත්න)

මාතර මාධ්‍යවේදීයෝ සංවිධානය ගංවතුරින් ආපදාවට ලක් වූ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සොයා ඉකුත් දා ප්‍රදේශ කීපයක සංචාරය කළහ.

 "සෙනෙහසේ අත්වැලෙන් " නමින් ඔවුන් දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවලට ලක් වූ දිවයිනේ දිස්ත්‍රික්ක හතක සිටින මාධ්‍යවේදීන් 19 දෙනකුට අවශ්‍ය මූලික අවශ්‍යතා එහිදි පරිත්‍යාග කළේය.

කදු නාය යැමෙන් හා ගස් කඩා වැටිමෙන් නිවාස අහිමිවූ සහ හානි වු හා ගංවතු⁣රෙන් ආපදාවට ලක් වූ විද්‍යුත් සහ මුද්‍රිත ප්‍රාදේශීය මාධ්‍යවේදින් දිස්ත්‍රික් මට්ටමින් ලේඛණගත කොට මෙම ආධාර ලබා දිමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි

මෙහි පලමු අදියර යටතේ කෑගල්ල , අනුරාධපුරය , ත්‍රිකුණාමලය , පොලොන්නරුව , මාතලේ ,ගම්පහ හා කොළඹ යන දිස්ත්‍රික් වල පීඩාවට පත් මාධ්‍යවේදින්ට ආධාර ලබා දිම සිදු වු අතර මෙහි දෙවනි අදියර යටතේ මහනුවර ,නුවරඑළිය හා රත්නපුර යන දිස්ත්‍රික් වල පීඩාවට පත් මාධ්‍යවේදින් සඳහා සෙනෙහසේ අත්වැල වැඩසටහන ක්‍රියාත්මක කිරිමට මේ වන විට මාතර මාධ්‍යවේදියෝ සංවිධානය කටයුතු සම්පදානය කරමින් පවතින බව මාතර මාධ්‍යවේදියෝ සංවිධානය ලේකමි යසන්ත ආරියසේන මහතා පවසයි.

මෙම සත්කාරක වැඩසටහනේ විශේෂත්වය වන්නේ මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සාමාජිකයන් එක්ව පීඩාවට පත් මාධ්‍යවේදින් හමුවිමට ගොස් ඔවුන් සුවදුක් විමසා බලමින් මෙම ආධාර වැඩසටහන යටතේ ලබා දෙන සහන ඔවුන්ගේ අතටම ලබා දිමට පියවර ගෙන තිබේ.

සෙනෙහසේ අත්වැල වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා සහ ජස්ටින් ගලප්පත්තිි පදනම , වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අජ්මාල් සත්තාර් මහතා ,ප්‍රාදේශීය සභා මන්ත්‍රී රසික ප්‍රියංකර මහතා, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්දික ඉපලවත්ත මහතා ,කොරියාවේ නියුතු වැලිගම ලලිත් ප්‍රබෝධ මහතා, ඇතුළු පිරිසක් සහයෝගය ලබා දී තිබේ MexQuick Trading Platform සහ SL Bull Trading Community නිර්මාතෘ Kevin S. Leon මහතා විශේෂ අනුග්‍රහය ලබාදී තිබේ.

 

 



අදහස් (0)

මාතර මාධ්‍යවේදියෝ ආපදා වූ මාධ්‍යවේදීන් සොයා යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 318 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 419 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 395 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site