(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ වැරදිවලට සුළු දඩ අයකර සමථයට පත් කිරීමේ ක්‍රියාවලිය අහෝසි කරන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එම ක්‍රියාවලිය අහෝසි කිරීමට අලුතෙන් පනතක් ගෙන ඒමට කටයුතු කරන ලෙසටද කමිටුව නියෝග කළේය.
මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ බරපතල වැරදිවලට උපරිම දඬුවම් පැමිණවීම සඳහා කටයුතු කරන ලෙසට උපදෙස් දුන් කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා චේතනාන්විතව වැරදි කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන ලෙසටද දැනුම් දුන්නේය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා කැඳවනු ලැබූහ. මෙම තොරතුරු අනාවරණයවූයේ එම රැස්වීමේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ කුඩු සම්බන්ධයෙන් අලුත් පනතක් හරි සම්මත කරලා මේ විනාශ වෙන තරුණ පරපුර රැක ගන්න අදහසක් නැද්ද. මොකද ඒ සම්බන්ධයෙන් හැමෝම නිහඬ පිළිවෙතක් අනුගමනය කටන්නේ. පාතාලය එහෙන් රජකරනවා. පොලිසියක් රටේ නැති ගානට....
කුඩු මුදලාලිලාට උසාවියෙන් දීලා තිබෙන මරණ දඬුවම ක්‍රියාත්මක කළා නම් මෙම ප්‍රශ්නය 50% කින් අඩුකරගන්න පුළුවන්...
මත්පැන්,ගංජා මිනිස්සුන්ට අත්‍යවශ්‍යම දෙයක් .ඒනිසා පෙරන,බොන අයට සහන දිය යුතුයි