
(යොහාන් භාසුර)
මත්පැන් නිෂ්පාදනවල අළවන ආරක්ෂක සලකුණු මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය අන්තර්ජාතික අත්දැකීම් සහ සුදුසුකම් නොමැතිව සමගාමකට පිරිනැමීමට මුදල් අමාත්‍යංශය සුදානම් වන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් වෘත්තීය සමිති පවසයි.
ආරක්ෂක සළකුණු මුද්‍රණය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය පසුගිය සතියේ ලැබීමෙන් පසුව ඊට අදාළ ප්‍රසම්පාදන නිර්නායක සකස් කිරීම සුරාබදු දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති බවත් එම වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.
එම ටෙන්ඩරය අන්තර්ජාතික සුදුසුකම් නොමැති සමාගමකට ලබාගත හැකි වන පරිදි ප්‍රසම්පාදන නිර්නායක වෙනස් කරමින් ප්‍රසම්පාදන කටයුතු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් කටයුතු කරන බව ද කියන වෘත්තීය සමිති නියෝජිතයෝ මෙම ක්‍රිවලිය සඳහා මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ ද සහය ලැබෙන බව ද සඳහන් කළහ.
මත්පැන් නිෂ්පාදනවල ආරක්ෂිත ස්ටිකර මසකට මිලියන 40 ක් පමණ අවශ්‍ය වන අතර එසේ සුදුසුකම් නොමැති සමාගමකට ටෙන්ඩරය පිරිනැමුව හොත් ගල් අගුරු ටෙන්ඩරය මෙන් ආණ්ඩුවට තවත් චෝදනාවක් එල්ල විය හැකි බව ද කියන සුරාබදු වෘත්තිය සමිති නියෝජිතයෝ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙයට මැදිහත්විය යුතු බව ද සඳහන් කරති.
සුරාබදු කොමසාරිස් ජනරාල් විශ්‍රාමික කොමදෝරු එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ කිසිඳු සමාගමක් ඉලක්ක කරමින් ටෙන්ඩර් නිර්ණායක සකස් නොකරන බවත් මීට පෙර එම ස්ටිකර සැපයූ සමාගම ඇතුළු ඕනෑම දේශීය හෝ විදේශීය සමාගමකට ටෙන්ඩරයට ඉදිරිපත්විය හැකි ආකාරයේ කනිර්නායක එයට ඇතුළත් කරන බවයි.
ටෙන්ඩරය සකස් කිරීමේ කටයුතු මේ දක්වා ආරම්භ කර නොමැති බව කී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කිසිඳු සමාගමකට වාසියක් වී සුරාබදු දෙපාර්තමේනතුවට අවාසියක් වන ටෙන්ඩර් කොන්දේසි ඇතුළත් නොකරන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘතිය සමිති කාරයන්ගෙ අතට ගානක් එන්නෙ නැතිව ඇති, ඒ කාලෙ එන්නෙ ඇමතියට නේ , ලොකුම ගාන
ලේබල් මුද්‍රණයේ අත්‍යවශ්‍ය කරුණු හඳුනාගෙන ඒවා අනුමත කරලා නැද්ද? ඒවා මේ ආණ්ඩුවෙන් වෙනස් කරලාද? අමාත්‍යවරයා මේ ගැන සොයා බලා කටයුතු කළ යුතුයි, නැත්නම් ආයෙත් ජනතා විශ්වාසය බිඳ වැටෙන්න පුළුවන්. එහෙම නැතුව කලින් ටෙන්ඩර් වල කතාත් එක්ක ලොකු කුට්ටියක් ගිහින් මේ පාර කලබල වෙලාද?