(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

මත්තල ගුවන් තොටුපොළේ  ගුවන්යානා අලුත්වැඩියා සඳහා  ආයෝජකයන් හත් දෙනකු ඉදිරිපත්ව ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද  ( 29) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය.

මෙම  ගුවන්තොටුපොළින් පාඩුවක් සිදුවන  බව ඇත්ත. ගුවන්තොටුපොළ ලාභ ලබන තත්වයට පත්කර ගැනීමට යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. මත්තල  ගුවන් ගුවන්තොටුපොළ  කෝටි දෙසීයක පාඩුවක් ලැබුවා . එම පාඩුව කෝටි සියයකට අඩු කරගෙන තිබෙනවා. දැන් වැඩි ගුවන් යානා ප්‍රමාණයක් මත්තලට පැමිණෙනවා