(සුජිත් හේවාජුලිගේ )
දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපොළ වැසීයාමේ අනතුරක් මතුව ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පවත්වාගෙන යෑමේ(නඩත්තු කිරීමේ ) දුෂ්කරතා සහ ප්‍රමාණවත් ගුවන් යානා ප්‍රමාණයක් නොපැමිණීම යනාදී හේතු මත මෙම ගුවන් තොටුපොළවල් තවදුරටත් පවත්වාගෙන යෑම විශාල ප්‍රශ්නයක්වී ඇති බවයි.
විශේෂයෙන්ම ගුවන්තොටුපොළවල් දෙකේ කාර්ය මණ්ඩල නඩත්තු කිරීමටද මේ වන විට විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇතැයි දැනගන්නට ඇත.
මත්තල ගුවන්තොටුපළේ රාජකාරි සඳහා කාර්ය මණ්ඩලය රැගත් සුඛෝපබෝගී බස් රථයක් කටුනායක සිට දිනපතා මත්තලට ගමන් කරන බවත් එම ප්‍රවාහනය සඳහාද විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර රත්මලාන ගුවන් තොටුපළද අද වනවිට හුදෙකලා ගුවන් තොටුපළක් ලෙස පවතින බව එහි සේවකයෝ පැවසූහ.
රත්මලාන ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස පසුගිය මාර්තු 27 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කෙරුණු අතර එදින මංගල ගමන පැමිණි මාලදිවයින ජාතික ගුවන් සේවයේ මගී ගුවන්යානය ආපසු පිටව ගොස් ඇත්තේද හිස් අතින්මය.
ගුවන්තොටුපළ විවෘත කිරීමේ ඒ උත්සවයට රුපියල් ලක්ෂ 80 ක් පමණ වැය වී තිබිණැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලා එහි නඩත්තුවට සොරා කෑ මුදල් නැවත අයකරගන්න..!
සෞභාග්‍යයේ දැක්ම...!
යකො ගුවන්තොතොටුපළේක ැඩ කරන මිනිස්සු ට පඩි ගො ගන්න බරි රජය, සමස්ත රාජ්‍ය සෙවකයොන්ට පඩි වැඩි කරන්න යනව කියල ගොන් බූරු පාපාලයෙක් කියන්නෙ. මේ නාකින්ට පුලුවන් ද රට ගොඩ ගන්න, රජයේ සේවකයො ටික විතරක් කාපුව ම හොදටම ඇති අනිත් මිනිස්සු ටික බඩ ගින්න හිටියනම් හොදයි, ඊලග අරගල ය එන්න පුද්ක අන්ශයෙ ැඩ කරන මිනිස්සු ගෙන්, උන්ට පලකයො මොකක් උනත් කමක් ෑ, අපෙ බදු අරගෙන රාජ්‍ය සෙවකයන් ට පඩි වඩි කරල දුනොත් බා ගම්මු.
රටකට ඔරොත්තු දෙන ආකාරයට එපැයි යටිතල පහසුකම් සංවර්ධනය කරන්න. දැනුයි අපට තේරුම් යන්නෙ මුං මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කලේම ඩොලර් බිලියන ගණන් ගසාකන්න බව. රටට ජාතියට , ආගමට ගරු නොකරන ආදරය නොකරන උද්දච්ච උන් , චන්දෙ දීපූ අපට ලැජ්ජයී සමාජෙට මූණ දෙන්න. දැන්වත් ගොම ගෑවිල පලයල්ලා.
දැන් මෙතන අපරාඩෙ අපෙ සල්ලි නස්ස්ති කෙරුව කියලා වලපෙන්න එපා. ඔවා අඩම්බරාර අප්පච්චි අ් අනගතය වෙනුවෙන් කල අයොජන. දැන් අපිට තවදුරටත් වරායවල් ගුවන් තොටුපොලවල් සහ අඩිවෙගි මර්ග හද හදා අපිට කාලය කන්න ඔනා නැහැ, එවා සියල්ල අප්පොච්චා අපි වෙනුවෙන් කරලා තියෙන්නෙ.
එහම වෙන්න බැහැ අපේ ආර්ථික ඔස්තාර් සහ ජාත්‍යන්තරය දිනාගත්තු රනිල් අගමැති පුටුවේ ඉන්න කල්.
මේ පාර නම් මාර වැඩක් වෙන්නේ ගියපාර මත්තල ගබඩා කරන්න වී හරි තිබුන, ගොබ්බසේනය එකටත් වැඩේ දුන්න නෙව රත්මලානේ ඉතින් අහවල් දෙයක් ගබඩා කොරන්නය ? ඕන නම් ඉතිං කොතලාවල ඇකඩමියේ බෝඩින් හවුස් එකකට ගන්න පුළුවන් නැත්නම් ඉතින් අල්ලපු වැටේ ඉන්න වෙල්ගමගේ මහේන්ද්‍ර වාහන ගාලකට බදු දෙතහැකි !
ආසියාවේ ආශ්චර්්‍ය, සෞභාග්‍යයේ දැක්ම දැන්තමා පේන්නෙ ලෝකෙටම.
මත්තල මලදානෙ හරියන්නෙ නැහැ කිවුවෙ ඔක පටන් ගන්නකොටමයි. කෑව රට.
රට විනාශ කල රාජපක්ෂලාට රජ කාලේ දඬුවම් දෙන්න ඕනේ.දේව සාපයෙන් මොවුන් විනාශ වේවා
මේ රටේ උගත්කම, දක්ෂයන්ට තැනක් නෑ. එවන් අය අද දියුණු රටවල ඉහළ තනතුරුවල ඉන්නවා. රටේ පාලනය මෝඩ රැළකට බාරදීමේ විපාක දැන් සමස්ත ජනගහනයම විඳිනවා.
ගුවන් යානය ඉන්ධන ටික ගෙනාවේ නැතිනම් කටුනායකත් වහන්න වේවි... දැන් ඉඳන්ම ඉන්දියාවට මන්නාරමේ ඉඳන් බෝට්ටු සේවයක් පටන් ගන්න. ගොබ්බසේනලාගේ මෝඩ තීරණ නිසා රට විනාශ වුණා.
නන්දසේන බලයට පත්කිරීමට ඡන්දය දුන් ගොබ්බයින් නිසා රට වැනසුණා කිව්වොත් වඩා නිවැරැදියි.
ගොබ්බසේනට ඡන්දෙ දීපු මිනිස්සුන්ට දොස් කියන්න බැහැ. පාස්කු ප්‍රහාරයේ සුලමුල ඒ වනවිට මිනිස්සු දැනගෙන හිටියේ නැහැ. මාධ්‍ය මගින් නාගයින් පෙන්නලා මිනිස්සුන්ගේ මනස විකෘති කරලා, මොහු විශාල වැඩ කරන විරුවකු ලෙස පුම්බලා පෙන්නලා ඡන්දෙ ගත්තා. ISIS එකෙන් ඇවිත් බෝම්බ ගහලා මිනිස්සු මරලා රට විනාශ කරාවි කියලා මිනිස්සු බය වුණා.
ඡන්දෙ දීපු අපට ලැජ්ජයි... මූණ දෙන්න!.
රටක ආර්ථිකයට ඔරොත්තු නොදෙන ව්‍යාපෘති ඇරඹීමේ ප්‍රතිඵල අද සමස්ත ජනතාවටම විඳවීමට සිදුව ඇත. නෙළුම් කුළුණද රටට ඔරොත්තු නොදෙන නාස්තිකාර ව්‍යාපෘතියකි...
ඕවා ආඩම්බර අප්පච්චි අනාගතය වෙනුවෙන් කළ ආයෝජන...!
බොරු වැඩ කරලා, සල්ලි නැති කරලා අපි විඳවනවා.
වෙන රටවල නම් නායකයො තමන් ගත් තීරණ වැරදි නම්, ජනතවට යම් කිසි පාඩුවක් සදු වෙනව නම්, වරද පිලි අරන් ඉල්ලල අස්වෙලා ගෙදර යන්ව , ගොබ්බසේන ගත්ත පොහොර තීරණය වනි දේවල් ප්‍රසිද්ධියේ වැරදි කියල පිලිගත්තත් ගොබ්බ් පුටුවෙ වාඩිවෙලා මන්දිරේටවො ඉන්නව , මිනිස්සු කන්න නැතිව දුක් විදිනව.
අනේ වාසනාවන්...!
මේ වාසනාවන්ත රට අවුරුදු දෙකකින් බංකොළොත් කරපු අයට සාපවෙනවා.... මේකට වගකිවයුතු දෙතුන් දෙනාට...
එහෙම නම් පොහොට්ටු කණුව, පොහොට්ටු පොකුණ, සූරිය වැව පිට්ටනියට අමතරව මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළ කියන්නේ අපේ රට ආගාධයේ දැමීමට / හෙලීමට හේතුවක් වෙච්ච කොමිස් ගැසීමට හා අනාගතයේ නාමය සුරැකීමට ඇතිකළ ව්‍යාපාරයක් යැයි කියන්න පුළුවන්...
මේක සෞභාග්‍යයේ දැක්මනේ... ඔහෝම යන්.. ඔහෝම යන්. නියමයි...!
ඇයි, කටුනායක ගුවන් තොටුපොලත් වහන්නේ නැත්තේ? අර කොවිඩ් වසංගත සමයේ වහගෙන හිටියා වගේ වහන්න පුළුවන්නේ. රටේ බහුතරයක් වූ මහලොකු දේශප්‍රේමී තක්කඩි සිංහල ජාතිය. තමන්ගේ ජාතිය ප්‍රතික්ෂේප කල ලෝකයේ එකම තුප්පහි ජාතිය? ශරීරය විකුනලා හෝ ලංකාවට ඩොලර් එව්ව අසරණයින් ගැන එදා කවුද හඬක් නැගුවේ? මතකද විදේශගත ශ්‍රමිකයන්ගෙන් මුදල් ගසා කෑවා? ඒ අසරණ මිනිසුන්ගෙන් මුදල් ගසා කෑ සියලු හෝටල් බංකොලොත් වේවා!! නිරෝධායනයෙන් මුදල් ගසා කෑ එවුන් හට ශාප වේවා!! අපි ඒ කල ප්‍රාර්ථනාව දැනටමත් එහින් ආරම්භය පලදරා අවසන්!! රටේ ප්‍රධාන අපනයන ආදායමට දායකවූ තේ දළු නෙලන අසරණ දෙමල කාන්තාවන් ගැන මේ තුප්පහි ජාතිය කවදාවත් කතා කලාද? ඒ නිසා තවත් ශාප නොලබා, මේ රටේ ජාතිකත්වය වෙනත් ජාතියකට පවරා මේ පිං බිමෙන් තොලොංචි වෙලා පලයල්ලා.