
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මිත්තණිය රෙදි වැනීමට ගිය අතරවාරයේදී නිවසේ ඇඳෙහි නිදා සිටි වයස අවුරුදු 1 ,1/2 ක සිඟිතියගේ රන්මාලය සහ පංචායුදය කොල්ලකා පලා ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු එලෙස කොල්ල කන ලද රුපියල් 119,000 ක් වටිනා රන්මාලය සහ පංචායුධයද පොලිස් භාරයට ගෙන ඇත.
කළුතර උතුර වස්කඩුව මදුරුදූව පදිංචි අඹුසැමි යුවලක් සිඟිති දැරිය මවට භාරදී රැකියාවට ගොස් තිබූ අතර ඇය දැරියගේ රෙදි පිළි සෝදා ඒවා වෙලා ගැනීමට සඳහා නිවසින් පිටතට ගොස් නැවත නිවස කරා පැමිණීමේදී නිවස තුළ සිට යම් පුද්ගලයකු මුළුතැන් ගෙයින් පිටතට දිව යන අයුරු දැක තිබූ බව පොලිසිය කියයි.
වහා ඇය කාමරයට ගොස් බැලීමේදී සිඟිති දැරිය කාමරයේ ඇඳ මත වාඩිවි හඬමින් සිට ඇති අතර ඇය දැරියව වඩාගෙන සන්සුන් කිරීම සඳහා උත්සාහ දැරීමේදී දැරියගේ ගෙල පැළඳී රන් මාලය සහ පංචායුදය නොමැති බවට දැක ඒ බව මවට සහ පියාට දැනුම් දීමට කටයුතු කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මිත්තනියට හොරෙන් සිඟිත්තියගේ රන් මාලයට විදලා