IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මතට ඇබ්බැහි තරුණයන්ට ප්‍රතිකාර කරන්න නිවහනක්

(අංජුල මහික වීරරත්න)

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින තරුණ පුද්ගලයින් සඳහා වන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නව නේවාසික ගොඩනැගිල්ලක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පුද්ගලයින් සඳහා නේවාසික හා නේවාසික නොවන ප්‍රජා පාදක ආකෘතීන් යටතේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් ක්‍රියාත්මක කරනු ලබයි. 

ඒ යටතේ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මතුව ඇති ආබාධ සහිත අවුරුදු 21 ට වඩා අඩු ළමුන් සහ තරුණ පුද්ගලයින් සදහා වෙන් වූ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මාම්පිටිය වත්ත, හන්දෙස්ය, පේරාදෙණිය යන ස්ථානයේ පවත්වා ගෙන යනු ලැබේ. 

එම වයස් කාණ්ඩයට අයත් පුද්ගලයින්ගේ මනෝ - සමාජීය ලක්ෂණ සහ මත්ද්‍රව්‍ය භාවිතය ආශ්‍රිත ඔවුන්ගේ චර්යාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ප්‍රතිකාර කිරීමේදී අදාළ පුද්ගලයන් සඳහා වෙන් වූ ප්‍රතිකාර සේවාවන් හා වෙන් වූ ප්‍රමාණවත් ඉඩ පහසු කර්ම අත්‍යවශ්‍ය බව හඳුනාගෙන ඇත. 

දැනට අදාළ මධ්‍යස්ථානයේ නේවාසික ධාරිතාව පවතින්නේ පුද්ගලයින් 35 දෙනෙකුට පමණක් වන බැවින්, පොරොත්තු ලේඛන පවත්වාගෙන යමින් ඇතුළත් කර ගැනීම කිරීමට සිදුව තිබේ. 

එබැවින්, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වු ළමුන් සහ තරුණ පුද්ගලයින් සඳහා ප්‍රතිකාර අවස්ථාවන් පුළුල් හා කඩිනම් කිරීමට හැකි වන පරිදි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන වලින් රුපියල් මිලියන 110ක් වැය කර පේරාදෙණිය ප්‍රතිකාර මධ්‍යස්ථාන පරිශ්‍රයේ නව නේවාසික ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලැබී ඇත.



අදහස් (1)

මතට ඇබ්බැහි තරුණයන්ට ප්‍රතිකාර කරන්න නිවහනක්

Kamal Koyrala Wednesday, 11 June 2025 01:52 PM

බොහෝ ස්ථාන වල රජයේ ගොඩනැගිලි භාවිතයට නොගෙන හො අතහැර දමා ඇති ඒවා සොයා බලා.... ප්‍රතිසංස්කරණය කර මේවාට වැයවන මුදල් අවම කළ යුතුයි. මේ ගොඩනැගිලි හැදීම යනු සදාකාලිකවම මත්ද්‍රව්‍ය රටේ පවතින බව තහවුරු කරන්නක්... මේ මුදල් විශ්ව විද්‍යාල නේවාසිකාර සඳහා යොදාගන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site