(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාකච්ඡාවට ගැනීමට පෙර විවාදයට ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (6) පෙරවරුවේ ඇතිවිය.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම කාරක සභාව තවමත් සාකච්ඡා කර නැති බවයි.
මුදල් කමිටුව පනත ගැන කිසිම විශ්ලේෂණයක් තවමත් කර නැතැයි පැවසූ මන්ත්‍රීවරයා මේ උත්සහ දරන්නේ රාජ්‍ය මුදල් කාරක සභාව පාර්ලිමේන්තුවේ පැත්තකට දැමීමට දැයි ප්‍රශ්න කළේය.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් මේ පනත ගැන තොරතුරු ඉල්ලා සිටි බවත් ඊයේ වන තුරු එම තොරතුරු ලැබී නැති බවත් හර්ෂ ද සිල්වා මහතා කීවේය.
දත්ත නැතුව පනත් කෙටුම්පත විශ්ලේෂණය කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මැති සබයේ විරෝධයක්