(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ පෙරහුරුවක් අද (6) පෙරවරුවේ පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ අනුව එම උත්සවයට අදාළ සියලු කටයුතු අද දිනයේ රඟ දැක්වෙන බව වේත්‍රධාරිවරයා පැවසීය.
වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් නැවත විවෘත කෙරෙන්නේ ලබන 8 වැනිදා පෙරවරුවේය.
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩි මුර සහ හමුදා උත්තමාචාර කිසිවක් මෙවර ඇතුළත් නොවේ. රටේ ආර්ථික තත්වය හේතුවෙන් උත්සවය චාම් ආකාරයෙන් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා උපදෙස් දුන්නේය.
උත්සවයට විදේශයන්හි ශ්‍රී ලංකා තානාපතිවරු රැසක්ද සහභාගී වෙති.තානාපතිවරුන් ඇතුළු අමුත්තන් වෙනුවෙන් කෙටි තේ පැන් සංග්‍රහයක් පමණක් පාර්ලිමේන්තුවේදී පිළියෙල කෙරෙනු ඇත.
මේ අතර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd