
(සුජිත් හේවාජුලිගේ )
විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් තවත් දහයකට ආසන්න සංඛ්‍යාවක් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මින් වැඩි පිරිසක් ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරු වෙති.
විදේශයන්හි පුරවැසිභාවය ලැබූ සෙසු මන්ත්‍රීවරුන්ට එරෙහිවද ඉදිරියේදී අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් අප සමග පැවසූහ.
මේ අයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු හෝ අභියෝගයට ලක් කර නැතැයි පැවසේ. යමකු එසේ අභියෝග කළහොත් ඔවුනට එරෙහිව අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තෙක් පමණක් එම මන්ත්‍රී ධූරයන්හි රැඳී සිටිය හැකි බව අධිකරණ විශේෂඥයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත් එහිදී මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පැහැදිලි වශයෙන් අධිකරණය හමුවේ ඔප්පු කළ යුතුව ඇතැයිද ඔවුහු සඳහන් කරති.
විදේශයන්හි පුරවැසිභාවය ලැබූ ගීතා කුමාරසිංහ සහ ඩයනා ගමගේ යන මහත්මීන්ගේ මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව අහෝසි කෙරිණ. මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගවලින් අනතුරුවය, ඒ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර ඇමරිකානු පුරවැසිභාවය නිත්‍යානුකූලව ඉවත් කර ගත්තේය.
බැසිල් රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන්ද පසුගිය කාලයේදී සමාජයේ ලොකු කතාබහක් ඇතිවූ නමුත් ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ එම ගැටලුව නිරාකරණයවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුත්තලම දිස්තික්කයේ මන්ත්‍රී නිරෝෂන් පෙරේරා (ෆෙස්ටස් පෙරේරාගේ පුතා) ඇමෙරිකන් පුරවැසියෙක්. ඔහුට ද්විත්ව පුරවසිභාවයවත් තියෙනවද දන්නේ නැහැ
විජාතික බලවේග අපේ උත්තරීතර පාර්ලිමේන්තුවත් ආක්‍රමණය කරලා රටේ තීන්දු තීරණ ගැනීම අයිතිය තමන්ට පවරාගෙන තියෙනවා, අනුර හයියෙන් කැස්සත් කළබල වෙන, තමන් දේශ හිතෛෂී හා ජාති මාමකයි කියා ගන්නා අබල දුබල බලවේග මේවා නොපෙනෙන තරමට මර නින්දට වැටිලා......
ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)
තමන්ගේ ගම් ප්‍රදේශයෙන් බැහැරව වෙනත් ප්‍රදේශවල මන්ත්‍රී තනතුර දැරීමත් පළාත් ආණ්ඩු තියෙන රටක විදේශීය පුරවැසියන් පාලනය කරනවා වගේම තමයි. උදාහරණයක් හැටියට ගාල්ලේ නැත්නම් කොළඹ කෙනෙක් රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී වීම, දකුණු පළාතේ කෙනෙක් වයඹ පළාතේ මන්ත්‍රී කෙනෙක් වීම, දකුණේ කෙනෙක් බස්නාහිර ආසන සංවිධායක කෙනෙක් වීම පෙන්වා දෙන්න පුළුවන්... පළාත් ආණ්ඩු පවතින අවස්ථාවේ කෑගල්ලේ කෙනෙක් උතුරු මැද ආණ්ඩුකාරවරවීම මධ්‍යම පළාතේ කෙනෙක් සබරගමුවේ ආණ්ඩුකාරවර වීමත් විදේශීය පුරවැසි පාලනය වගේ තමයි. ඒක නිවැරැදියි කියන්න නම් පළාත් සභා අහෝසි කරන්න ඕනෑ...
මොන බොරුද? ගෝඨයා අමෙරිකානු පුරවැසියෙක්ලෙසින්මයි නාමයෝජනා බාර දුන්නේ. එහෙම නොවෙයිනම් අර පැන්ෂන් ගිය පොලිස්කාරයා නොහොත් වල පයයි ගොඩ පයයි හිටපු කථානායකත් අවශ්‍ය වුනොත් නාමයෝජනා දෙන්න සූදානමින් හිටියේ මොකද?
අර ආර්ථික ඔස්තාර් හර්ෂ සිල්වාගේ නියම පුරවැසි භාවය මොකක්ද?
ඕෂලට කියන්නයි තියෙන්නේ...!
මේ සියලු කරුණුවලට වගකිව යුතු වන්නේ මැතිවරණ කොමිසම සහ අදාළ පක්ෂ නාම යෝජනා බාරදීමට පෙර සියලු කරුණු සලකා බැලිය යුතුයි. එසේම මේ වකවානුවේ පවතින නාමයෝජනා ක්‍රමය 2024 මැතිවරණවලට පෙර සංශෝදනය කල යුථුඑ පුරවැසි භාවය/ පොලිස් සහතිකය / වත්කම් බැරකම් / වියාපාර / උසාවි නිෂ්කාශන එමන්ම ඡන්දය දුන් ජනතවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කීරීම , හේතුව පක්ෂ මාරුවීමෙන් එකී බලය අහෝසි වී නැවත අතුරු මැතිවරණක් පවත්වා ජනතා ප්‍රජාතන්ත්‍රවාදය වන ඡන්ද අයිතිවාසිකම රැකීම යනාදිය
ඇයි ඒ දහ දෙනාගෙ නම් ප්‍රසිද්ධියෙ කියන්න අමාරුද?? එච්චරටම කොන්දක් නැද්ද?
පුරවැසි භාවය නැති අය මැතිසබයට ගිහින් නම් ඒකට වගකියන්න ඕන මැතිවරණ කොමිසම සහ මෙලොව හසරක් නොදැන ඡන්දය භාවිතා කරන ගොන් ඡන්ද දායකයන්.. එය නොදැන අන්ධයන් සේ සිටින පාර්ලිමේන්තුවේ අඳ බාලයන්ද කරන්නේ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්...