(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු ඇතුළත මාර්ගවල බස් රථ ඇතුළු වාහන ධාවනය කිලෝමීටර 40 ට අඩු වේගයක පවත්වා ගෙන යන ලෙස වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා උපදෙස්දී ඇත.
දියවන්නාව තෙත්බිම් කලාපයේ වෙසෙන පක්ෂීන්ට මෙන්ම පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් දරුවන්ට වාහන අධික වේගයෙන් ධාවනය කිරීමේදී අනතුරු සිදුවිය හැකි හෙයින් මෙසේ උපදෙස් දුන් බව වේත්‍රධාරිවරයා පැවසීය.
සමහර වාහන පාර්ලිමේන්තුව ඇතුළත මාර්ග වල අධික වේගයෙන් ධාවනය කරන බවට තොරතුරු වාර්තාවී ඇතැයිද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇමැතිලගේ වාහන වලටත් මේ නීතිය බලපානවද?
තවත් අලුත් නීති පනවන්නෙක්. ලංකාවට අඩු එපමණයි.
දැන් වේත්‍රධාරීන්ටත් නීති හදන්න පුළුවන්ද?
ඉස්සෙල්ලා දියවන්නාවේ පිං ගොන්නු ටිකට මේ විත්තිය කියලා උන්ව හිමිහිට දක්කන්න.
ඕක කියන්න මැති ඇමැතිලාටයි.. ඔවුන්ව පාරේ දක්කන් යන නිලඇඳුම් දාගත්තු මදාවින්ටයි.