
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පොදු වැසිකිලියට යෑමට පැමිණි පොලිස් කොස්තාපල්වරයකුට නාදුනන පුද්ගලයකු ලබාදුන් අඩක් පානය කරන ලද සිගරට් එකක් පානය කිරීමෙන් පසු එම කොස්තාපල්වරයා මත් වීමකට පත්වීමෙන් අනතුරුව ඔහු ගෙල පැලැඳ සිටි රන් මාලය සහ ජංගම දුරකථනය සොරා ගෙන පලාගොස් ඇතැයි පිටකොටුව පොලීසිය පවසයි.
මෙම දේපළවල වටිනාකම රුපියල් 432,000වන බව පොලිස් කොස්තාපල්වරයා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අනුරාධපුර, මැදවච්චිය පොලිස් ස්ථානයේ රාජකාරි කරන මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි මෙම පොලිස් කොස්තාපල්වරයා නීතිඥවරයෙකු හමුවීම සඳහා කොළඹට පැමිණ ඇත.
ශාරීරික අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමට එම පොලිස් කොස්තාපල්වරයා බැස්ටියන් මාවතේ පිහිටි පොදු වැසිකිලිය වැසිකිළියට පැමිණි අවස්ථාවේ එම වැසිකිලිය අසල රැඳී සිටි නාඳුනන පුද්ගලයකු ලබා දුන් අඩක් පානය කරන ලද සිගරට් එකක් පානය කිරීමෙන් පසු ඔහුට මත් ගතියක් ඇතිවී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනම ජරාවක් කන පොලිස් කාරයෙක්. මොන මිනිහාද කව්රුත්, විශ්ෂයෙන් නොදන්නා කෙනෙක් බීපු සිගරට් කොටයක් බොන්නේ? මොන හිඟන පොලිස්කාරයෙක්ද?
පොලිසිය හිතන් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු තමා හැම වෙලේම මෝඩ කියලා.
ලැජ්ජා නැද්ද නොදන්න එකෙක් බීපු සිගා කොටයක් කටේ ගහන්න....
පුරුද්දට පිනා කන්න ගිහිල්ලා
නොදන්නා කෙනෙක්.කටේ ගහපුවා තමන්ගේ කටේ තියාගෙන උරනවට හොඳ පාඩං. වැඩිය අවශ්‍ය නෑ පෞද්ගලික පිරිසිඳු කම ගැන හිතුව නම් බේරෙන්න තිබුණා
මේ කතාවේ පැති කිහිපයක් තිබෙනව. 1. ජරාව ගැනීමට ඇබ්බැහි වීම.2. මතට ගිජු බව 3.මෝඩ කම පොලීසියට කියන්න තිබෙන්නේ ' ඔවා දෙනු පර හට තමා සම්මතෙහි පිහිටා' යනු යි.
432,000 ක් ? මමත් යනවා කොස්තාපල් ඉන්ටවීව්
ශ්‍ර්‍රී ලංකාවේ පොලිස් කොස්තාපල් වරුන් ඒ තරම්ම පහළ මට්ටමකට වැටිලාද? නන්නාඳුනන මිනිහෙකු බාගෙට බීපු සිගරට් කොටයක් බොන්න. මේ නිලධාරියා කියන අපබ්‍රංශය හොඳයි... ශ්‍රී ලංකා පොලිසියටම. මොකද පොලිසියේ ඉන්නෙත් බාගෙට ඩෝප් වෙලානේ...!
පොලිසියම හොරා පොලිස් කරනවනේ...!