IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


මුතු රාජා ගුවන් ගමනට පුහුණුවෙයි

(යොහාන් භාසුර)

අලුත්ගම කන්දෙවිහාරයේ ‘මුතුරාජා’ හස්ථියා ලබන ජූලි මස 2 වැනිදා ගුවනින් තායිලන්තයට ගෙන යෑමට නියමිත අතර ‘මුතුරාජා’ගේ ගුවන් ගමන ලෝක ගුවන් ඉතිහාසයේ ඵෙතිහාසික අවස්ථවක් වනු ඇති බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති.  

අලංකාර දළ යුගළකින් යුත් 29 වැනි වියේ පසුවන ‘මුතුරාජා’ කිලෝග්‍රෑම් 4000 ක් හෙවත් මෙටි්‍රක්ටොන් 4 කට ආසන්න බරකින් සහ උස අඩි 9 ක් වන අතර ගුවන් ගමනට සූදානම් කර ඇති විශේෂ කුටිය (බහලුම) මෙටි්‍රක්ටොන් 5 ක් පමණ බරකින් යුක්තවේ.

‘මුතුරාජා’ගේ ශ්‍රී ලංකාවේ සිට තායිලන්තය දක්වා ගුවන් ගමනට සහ ඊට අදාල කටයුතුවලට පැය 6 කට අධික කාලයක් ගතවනු ඇති බවට ද ඇස්තමේන්තු කර තිබේ.

මෙවැනි විශාල බහලුමක් සාමාන්‍ය ගුවන් යානයක ප්‍රවාහනය කළ නොහැකි නිසා රුසියානු අයි.එල්. 76 දරණ විශේෂ ගුවන් යානයක් මේ සඳහා වෙන්කර ඇති අතර ජාත්‍යන්තර රෙගුලාසි අනුව එම ගුවන් ගමන ක්‍රියාත්මක වන බව ද සඳහන්.

ඒ අනුව මෙය ලෝක ගුවන් ගමන් ඉතිහාසයේ ගුවනින් ප්‍රවාහනය කරන බරින් වැඩිම සහ වයසින් වැඩිම හස්තියා ලෙස ඉතිහාසයට එක්වනු ඇති බවට බලධාරීහූ පවසති.

පාකිස්තානයේ සිට කාම්බෝජයට ගුවනින් ප්‍රවාහනය කළ ‘කාවන්’ නැමැති ඇතා රටකින් රටකට ගුවනින් ප්‍රවාහනය කළ විශාලතම හස්තියා ලෙස වාර්තා වන බව ද බලධාරීහූ කියති.

තායිලන්තයෙන් මීට වසර 21 කට පෙර ප්‍රදානය කළ ‘මුතුරාජා’ හස්ථියා අසනීප තත්වයකට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව නැවත එරටට භාරදීට තීරණය කළේය.

‘මුතුරාජා’ හස්ථියා පසුගිය වසරේ නොවැම්බර් මස 9 වැනිදා දෙහිවල සත්ව උද්‍යායට යොමු කිරීමෙන් පසුව මාස 7 කට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියි.

දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ පශූ වෛද්‍ය නිලධාරීනි මදුශා පෙරේරා මහත්මියගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එම සත්ව උද්‍යානයට යොමු කරන විට ‘මුතුරාජා’ ශරීරයේ තිබූ විශාල ගෙඩි දෙකක් හේතුවෙන් දැඩි වේදනාවෙන් පසුවූ බවත් මේ වන විට ‘මුතුරාජා’ සියයට 90 ක් පමණ සුවය ලබා ඇති බවත්ය.  

‘මුතුරාජා’ සත්ව උද්‍යානයට ඇතුළත් කර ටික දිනකින් සත්වයාට ප්‍රතිකාර කිරීම අපහසුතාවයකට පත්වුවද මෙය විශේෂ තත්වයක් හේතුවෙන් ජීවිත අවදානම ද නොතකා තමන් ඇතුළු වෛද්‍ය කණ්ඩායම මාස පහක් පමණ අසීරුවෙන් ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මක කළ බව කී වෛද්‍ය මදුශා පෙරේරා මහත්මිය තව දුරටත් සත්වයා මෙරටට සිටියේ නම් සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියා ද ඇති බව සඳහන් කළේය.

හස්ථියාගේ ඉදිරි පස වම් ගාතයක් නැවීමේ නොහැකියාවක් ඇති බවත් සතාගේ වසරකට පමණ වූ තුවාලයකට මූලික ප්‍රතිකාර දීමට කටයුතු කළ බවත් ඇය පැවසුවාය.

තායිලනත්ත තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් හස්තියාට සියයට 100 ක් සුවපහසු ගමනක් ලැබෙන ආකාරයට වරින් වරන් වෙනස්කම් කරමින් මෙම කුටිය නිර්මාණ කර ඇති බවත් ගුවන් කාලය පුරාම කෑම සහ වතුර සැපයීමට විශේෂ කවුළු එම කුටියේ ඇති බවත් වෛද්‍යවරිය කීවාය.  

හස්ථියා ශ්‍රී ලංකාවේ වසර 21 ක් ගතකිරීමෙන් මෙරට සංස්කෘතියට සහ පරිසරයට අනුගත වී සිටීම නිසා තායිලන්ත භාෂාවට හුරු කිරීමට තායිලන්ත සහ ශ්‍රී ලංකා ඇත් ගෙව්වන් කටයුතු කළ බවත් කුටියට හුරුකිරීමට ද විශේෂ ක්‍රියාවලියක් අනුගමනය කළ බවත් ඇය වැඩි දුරටත් පැවසුවාය.

සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (සත්ව සෞඛ්‍ය හා පෝෂණ) පශූ වෛද්‍ය චන්දන රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වය සහ උපදේශණය යටතේ දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ පශූ වෛද්‍ය නිලධාරීනි මදුශා පෙරේරා මහත්මිය ඇතුළු කණ්ඩායම ‘මුතුරාජා’ හස්ථියාගේ ප්‍රතිකාර ක්‍රියාත්මක කළේය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ පශූ වෛද්‍ය නිලධාරීනි මදුශා පෙරේරා මහත්මිය ඇතුළු කණ්ඩායම ‘මුතුරාජා’ හස්ථියාට ප්‍රතිකාර කරමින්...

 



අදහස් (4)

මුතු රාජා ගුවන් ගමනට පුහුණුවෙයි

පුරවසියා Wednesday, 28 June 2023 04:42 AM

ඇයි මේ ඇතා මෙහෙම නැවත තායිලන්තයට කැදවන්නෙ කියලා විස්තර දාන්නෙ නැත්තෙ? ඇයි මේ ලිපියෙ ඒකට දීපු දස වද ගැන විස්තර නැත්තෙ? බුද්දාගමට අනුව මෙ අතාට පෙර පින් තිබ්බා මේ අපායෙන් එලියට යන්න. තව මේ වගේ අලි, ඇත්තු කීයක් මේ නරුම වලේ දුක් විදිනවා ඇත්ද? උන්ට මොකද වෙන්නෙ? මහ ලොකුවට කතාව නම් සද්දන්ත කුලේ ඇත්තු කියල. ඇතා සද්දන්ත කුලේ උනාට වැඩක් නැහැ, බලා ගන්න උන් නරුම කුලෙ උනහම.

:       2       30

දාමිණි Wednesday, 28 June 2023 04:48 AM

කතාව නම් සත්ව කරුනාව ගැනයි, අවිහින්සා වාදය ගැනයි. තූ නොදකින් විතරක්! හොද වෙලවට මෙ ඇතා පිටරටින් අවෙ. ලන්ක්වෙ ඉපදුනා නම් තාමත් මෙ අපා දුක් විදිනව. යන එනමක් නැහැ.

:       1       20

ganemulla Wednesday, 28 June 2023 04:49 AM

ඇතෙක් උනත් හොද රටක උපදින්න පින් කරලා තියෙන්න ඔනෙ.

:       1       22

W.M.A.Kumari Saturday, 01 July 2023 03:23 PM

මෙයාට කරදර තියෙනවා කියලා මිනිස්සු කියනකොට වගකිවයුතු අය ඒ ගැන සොයා නොබලපු නිසා තමයි ආපසු ඒ රටටම යන්න වෙලා තියෙන්නේ. මගේ රටේ මෙවන් දේවල් සිදුවීම ගැන කණගාටු වෙනවා. මුතුරාජා මේ රටට හුරුවෙලා නිසා එයාට එහෙ ගියාම දුකක් දැනෙයිද දන්නැහැ. ඒත් මුතු රාජා පුතේ මම ප්‍රාර්ථනා කරනවා ලොව කොතැනක සිටියත් ඔයාට නිදුක් නිරෝගීව සතුටින්ම ඉන්න ලැබේවා කියා.... ගුවන් ගමන සුරක්ෂිත වේවා. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි. තෙරුවන් සරණයි...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6145 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 347 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1281 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site