(විමුක්ති එස් රුද්‍රිගු)

පාසල් දරුවන් මත් ද්‍රව්‍ය උවදුරෙන් සහ ලිංගික අපචාර වලින් බේරා ගැනීම සඳහා සුරක්ෂිත හෙට දවසක් තේමාව යටතේ වැඩසටනක් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අදහසක් අනුව අධ්‍යපාන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශක්‍යා නානායක්කාර මහතා, ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සේපාලිකා නයනි සුදසිංහ, ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන් රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.