IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මත් ජාවාරමක වැලක් මාට්ටු

(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)

අයිස් මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක සාමාජිකයන් බව කියන බන්ධනාගාර ජේලර්වරයකු ඇතුලු 11 දෙනකු සමග අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 25 අත් අඩංගුවට  ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

පොලීසියට ලද තොරතුරක් මත මත් ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කරන මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෝටල් කළමනාකරුවකු අත් අඩංගුවට ගෙන ඇත.  ඔහුගෙන් ලබ තොරතුරු මත උග්ගල්බඩ දී අයිස් මත් ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි 8 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම තොරතුරු අනුව හෝටල් කළමනාකරුට මත් ද්‍රව්‍ය ලබා දෙන බව කියන රාගම ප්‍රදේශයේ පුද්ගලයකු අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය පවසයි.

අනතුරුව රාගම පදිංචි පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ජේලර්වරයකු ඔහුට මත් ද්‍රව්‍ය  ලබාදීම සිදු කරන බව අනාවරණය වීය.

ඒ අනුව එම බන්ධනාගාර දෙවන පන්තියේ ජේලර්වරයා ගම්පහ, කිරිදිවිට ප්‍රදේශයට ගෙන්වා ඔහුද අත් අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී ඔහු සතුව අයිස් මත් ද්‍රව්‍ය  බවත් පොලීසිය පවසයි.

මොහු කඩවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31 වයසැති පුද්ගලයකු බව පවසන පොලීසිය  කියයි. 

 



අදහස් (1)

මත් ජාවාරමක වැලක් මාට්ටු

SA Wednesday, 17 May 2023 12:18 PM

Great! පාතාලයො එක්ක ඉන්න ජේලර්ල රටට හෙනයක්.පාතාලයො සියලු දෙනා දූපතක ට දාන්න ඕනෙ

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site