(ශ්‍රීනාත් ප්‍රසන්නජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මත් කරල් 50ක් විකිණීම සඳහා  ළඟ තබාගෙන සිටි බව කියන සිවිල් ආරක්ෂක බළකායේ භටයකු සෙට්ටිකුලම ප්‍රදේශයේ වැවක් අසල දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය විශේෂ කාර්ය බළකාය පවසයි.

අඩංගුවට ගත් සැකකරු කැබිතිගොල්ලෑව සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ රාජකාරි කරන ඇටිකෙහෙල්ගමුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මත් කරල් තොගේ සමග සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙට්ටිකුලම කඳවුරේ උප පොලිස් පරීක්ෂක ගුරුසිංහ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට භාරදුන් බව පොලිසිය විශේෂ කාර්ය බළකාය පවසයි.