(අංජුල මහික වීරරත්න)

මොනරාගල, කොටියාගල ඉඩම් හෙක්ටෙයාර් 5000ක් වගා කටයුතු සඳහා තාවකාලික පදනමින් ගොවි ජනතාවට ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.

මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු නැවත වන වගාව සඳහා වෙන් කර ඇති ඉඩම් මෙලෙස වගා කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය.

ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ඉඩම් වගා කටයුතුවලට යොදා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර  එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත.