(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලිබල මණ්ඩලයට වැඩිපුර ආදායමක් ලැබුණහොත් ඒ ප්‍රතිලාභය ජනතාවට දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද ( 24) පැවසීය
කිසිම ඉන්ධන සමාගමකට බදු සහනදී නැතැයිද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ විදුලිබල හාබලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරකසභා අවස්ථා විවාදයේදීය
විජේසේකර මහතා මෙසේද පැවසීය.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිෂ්ක්‍රිය කරන්න යෝජනා කරලා නැහැ. විදුලි බල මණ්ඩලය නියාමනය කරන ආයතනය ලෙස එය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. නිෂ්ක්‍රිය කරනවා කියලා තියෙන්නේ කොහේ දැයි කියන්න කියා තමා අභියෝග කරනවා. වැඩිපුර ආදායමක් තියෙනවා නම් ඒ ප්‍රතිලාභය ජනතාවට දෙනවා. ලුබ්‍රිකන්ට් ලයිසන් පිළිබඳව නීති තිබුණේ නැහැ. අපි අභිලාෂ කැඳවලා බලපත්‍ර දුන්නා. බන්කරින් වලටත් නීති පද්ධතියක් හදාගෙන යනවා. විදුලිබල පනත පිළිබඳව වැරදි විදිහට හිතන්න හොඳ නෑ. ඒ ගැන බිය විය යුතු නෑ. ඒ පනත ජනවාරි මාසයේ දී සම්බන්ධ කර ගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. විදුලි සම්බන්ධතාවයකට එකවර ගෙවීමට බැරිනම් කොටස් වශයෙන් ගෙවීමට සම්බන්ධතාව ලබා ගැනීමට ක්‍රමවේදයක් හදනවා. විසන්ධි කරපු සැපයුම නැවත ලබාදීමට රුපියල් 3000ක මූලික ගාස්තුවක් ගත්තා. ඒ ප්‍රමාණය බිලේ ප්‍රමාණයට අනුව කටයුතු කරන්න උපදෙස් දුන්නා.ඒක 2000 කට අඩු ගාණකට අඩු කරන්න බලාපොරොත්තු වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර දූෂිතයෝ ඉන්නකම් ලාභ ලබනවා බොරු...!
ඕක ප්‍රතිලාබ ලබන්න නම් වැඩිපුර සේවකයෝ අයින් කරන්න ඕනෑ. ඒ වගේම හැන්දෙන් ඇති තරම් බෙදා ගැනීම නවත්වන්න ඕනෑ. සේවකයින් බොරුවට පොතක අස්සන් කරලා වෙන රස්සාවල් වලට යන එක නවත්වන්න ඕනෑ. ලංකාවටම බරක් වූ හොර මගඩි පිරුණු ආයතනයක්. රටට සේවය සලසනු වෙනුවට සේවකයින්ගේ රැකියා කිරීම අරමුණු කරගත් ආයතන මේවා...!
එක ලාභ ලබන්න නම් නාස්තිය දුෂණය නැති කරන්න ඕනේ , උපදෙස් අවශ්‍ය නම් අහන්න විදුලි එන්ජිනේරුවෙක් වන පාටලිගෙන් , දේශපාලනය කුමක් වුනත් ඔහු දන්නවා කරන ආකාරය , ඔහු කලින් කරලා පෙන්නුවා
අර විජේසේකර කියන නිලධාරිවරිය සපත්තු, බෑග් අරගෙන පිටරට සවාරි එහෙම ගියේ...ඒ නිසා ලාබ ලබන්න බැරිවේවි...
එදාට බස්නාහිරින් ඉර පායයි. ලාබ ලබන්නේ කොහොමද ගොයියෝ මණ්ඩලේ ගැහැණුන්ට සපත්තු, සෙරප්පු ගමන් බෑග් ජනතාවගේ මුදලින් අරන් දෙනකොට... නිකමට හිතුවද මේ පැන්ෂන් යන්න ඉන්න නාකි අම්මණ්ඩි පාඨමාලාවකට යැවීම රටට වැඩකට ඇති දෙයක්ද කියලා? මෙයාගේ වාරුවට හස්බන්ඩාත් ගියාද කියලා හොයා බැලුවාද? ලාබ ලැබුවොත් මොවුන් ඉස්සෙල්ලාම කරන්නේ බෝනස් ගන්න එකයි. ඔය මණ්ඩලේ පෞද්ගලික කරනවා. එතකොට ලාබෙන් බදු අයකරගන්නවත් පුළුවන්...!
මෙයා ඉන්නතාක් කල් මණ්ඩලය ලාබ ලබනවා බොරු... ලාබයක් ලැබුණොත් ඒකත් කොල්ලකයි.