(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා රේගුව විසින් බාර දෙනු ලැබ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ මැණික් පාර්සල් 19 ක් වෙනුවෙන් රුපියල් කෝටියකට වැඩි ගාස්තුවක් අයකර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම මැණික් පාර්සල් දහ නවය එම අධිකාරියේ සුරක්ෂිතාගාරයේ වසර 30කට අධික කාලයක් තිස්සේ තැන්පත් කර තිබී පසුගිය 2021 වර්ෂයේ පෙබරවාරි 19 වැනිදා ශ්‍රී ලංකා රේගුවට බාරදී ඇත.
මේ එක් පාර්සලයක් වෙනුවෙන් දිනකට රුපියල් පනහක මුදලක් අය කර ගත යුතුව තිබිණ.
මේ අතර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රුපියල් ලක්ෂ 67 කට ආසන්න පිරිවැයක් දරා මිලදීගෙන තිබූ විදුලි උදුනක් තාක්ෂණික දෝෂ හේතුවෙන් ඉවත් කිරීම නිසා එම මුදල සම්පූර්ණයෙන්ම නාස්තිවී ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම උදුන මිලදීගෙන ඇතැයි පැවසෙන්නේ 2015 වර්ෂයේදීය.
එසේම රත්නපුර ප්‍රදේශයේ මැණික් කෞතුකාගාරයක් ඉදි කිරීමට රුපියල් ලක්ෂ 22 ක පමණ මුදලක් වැය කර එය වෙනත් ස්ථානයක ඉදි කිරීම නිසා ඒ මුදල සම්පූර්ණයෙන්ම නාස්තිවී ගොස් තිබූ බව විගණන නිලධාරීහු පවසති.
අතහැර දැමු කෞතුකාගාරය වෙනුවෙන් එම මුදල වැය කර තිබුණේ 2016- 2019 අතර කාලයේදීය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2020 වාර්ෂික වාර්තාවේද මෙම දූෂණ වංචා පිළිබඳව සඳහන්වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩේසි ආච්චිගේ මැණික් මල්ලත් මෙතන තිබුණාද..?