
(ප්‍රසාද් රුක්මල් )
මඩොල්සිම පිටමාරුව මාර්ගයේ පොල්වත්ත ප්‍රදේශයේ දී අද (19) රාත්‍රි වෑන් රථයක් මාර්ගයේ න් ඉවතට පැන වේල්ලක ගැටි සිදු වූ අනතුරකින් අටදෙනකු බරපතළ තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බව මඩොල්සිම පොලිසිය පවසයි .
අනතුරින් තුවාල ලබා ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි පිරිසක් යැයි පොලිසිය කීය .
මොවුන් මඩොල්සිම පිටමාරුව ප්‍රදේශයේ නෑදෑ නිවසක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ආපසු නුවරඑළිය බලා වෑන් රථයෙන් ගමන් කරමින් සිටියදී මෙසේ අනතුර ට පත්ව ඇතැයි පොලිසිය සදහන් කළේය .
අනතුරින් වෑන් රථයේ රියදුරු ට සුලු තුවාල සිදු වී ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය තුළ දොලොස් දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඉන් සිව්දෙනෙකු තුවාල නොලබා බේරි ඇති බවත් පොලිසිය පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ 60 ශ්‍රී පරණ වාහනවල යන්න වෙලා තියෙන්නේ අපේ රටට මේ අවුරුදු ගාණක් දේශපාලකයෝ කරලා තියෙන දේ නිසා තමයි. BMW, බෙන්ස් වල යද්දී සාමාන්‍ය ජනතාවට යන්න වෙලා තියෙන්නේ මේවගේ වාහනවල. ඒ යන්නෙත් මැරෙන්න.