
(සුජිත් හේවාජුලිගේ )
මඩ ගැසීම හෝ පෞද්ගලීක කාරණා වැනි දේ නොව පක්ෂයේ ප්‍රතිපත් ජනතාව අතරට ගෙනියන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් මැතිවරණ අපේක්ෂකයින් ගෙන් ඉල්ලීමක් කර ඇත.
විශේෂයෙන්ම පෞද්ගලික කරුණු හෝ මඩ ගැසීමෙන් කිසිදු වාසියක් ඇති නොවන බවත් බුද්ධිමත් ජනතාව හැම විටම බලන්නේ ප්‍රතිපත්ති ගැන පමණක් බවත් නාමල් රාජපක්ෂ පැවසීය.හැකි තරම් පක්ෂයේ ප්‍රතිපත්ති ගමින් ගමට රැගෙන යන ලෙසත් නාමල් රාජපක්ෂ ඉල්ලීමක් කළේය.
ඔහු මෙසේ ඉල්ලා සිටියේ පළාත් පාලන ඡන්ද අපේක්ෂකයින් නෙළුම් මාවතේදී හමුවූ අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් කරපුවාට දැන් මිනිස්සු අහුවෙන්නෑ කියලා තේරුම්ගත්තු එක හොඳයි. තව ටිකක් තේරුම් අරගෙන ගෙදරම නැවතුණා නම් හොඳයි. කූරු ගනින්න ඉන්විටේෂන් එක එනකම්...!
ඇත්තටම ඔය පක්ෂේ ඔබට වැඩිය සුදුසුකම්, මොළයක්, හැකියාවක් තියෙන මිනිස්සු නැද්ද. මහින්ද නිසා ඔබ පාර්ලිමේන්තු ආවා මිසක් ඔබේ හැකියාවකට නෙමෙයි කියලා ඔබම දන්නවනේ.. තාත්තාගෙන් පුතාට යන්න ඕක රජ පෙළපාතක්ද...
අනේ පලයන් නාම්බෝ පච වපුරන්නේ නැතිව. මොනවාද උඹලාගේ ප්‍රතිපත්ති ? හොරකම, වල්කම සහ මිනී මැරීම !!! මේ රටේ මිනිස්සු උඹලාව ප්‍රතික්ෂේප කරලා ගොඩාක් කල්. දැන් ඉතින් උඹලා කරපු අසික්කිත වැඩවලට හිරේ යන්න ලැහැස්තිවෙයන්.
පවුල් පාලනේ උදවිය බලයේ හිටපු කාලේ කෙරුවේ මඩ විතරක් නෙවෙයි,බොරුව,රැවටිලි ,හොරකම් වන්චා,දූෂණ,සුදුවෑන් ඝාතන අතුරුදන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු එකනේ, දැන් මොනවා කිව්වත් වැඩක් නැහැ .
බේබිට ඔය ටික කියන්න තිබුණේ මයිනාටයි, ගෝඨාටයි.. ඒ කාලේ බේබි අද වගේම මෝඩයි. මේවා ඔලුවට වැටෙන්නේ නැහැ. ඒ කාලේ බැලුවේ හැම තත්පරේම මුලු පරම්පරාව හොරාකන්න මානම් බැලුවා මිසක් උගත්මිනිසාව ආරක්ෂා කෙරුවේ නැහැ. ගෝඨාභය කොයිතරම් වටිනා පුද්ගලයින්ද?
ඒක හරි. එසේ නොවුණ හොත් ඔබ සැමගේත්..., බොරුකාර, කයිවාරුකාර සහ අවලාද කාරයින් වන මාලිමාවන් අතර වෙනසක් දකින්නට නොහැකි වනු ඇත...!
තමුන්ලා බලයේ හිටපු කාලේ මඩ නොවෙයි, කරන්න පුළුවන් ඔක්කෝම ජඩ වැඩ කෙරුවා. විරුද්ධ පාක්ෂිකයින්ට රැස්වීමක් තියාගන්න බැරි තරමට අරියාදු කරපු හැටි දන්නෝ දනිති. මැරයෝ දාලා රැස්වීම්වලට ගැහැව්වා. ලයිට් කැපුවා. පෝස්ටරයක් ගහන්න දුන්නේ නැහැ. මොලේ උඩ ඉන්න වහලුන්ට නම් අවුල් වගේ...?
මඩට යන්න එපා කිව්වේ මාලිමා මඩ බලකායට නෙමෙයි අනේ. ඔයගොල්ලෝ කලබල නොවී රස්සාව කරගෙන ඉන්න.
ඕක ඉස්සරවෙලාම තමන්ගෙන් පටන් ගන්න. අර සාගරටත් කියලා දෙන්න.
මඩ කාවයියෙක්...!