IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මඩකළපු සරසවියෙන් බඩු ඉස්සූ කෝප්‍රල් මාට්ටු

(නිමල් ජයරත්න)

මඩකලපුව වාලච්චේන  පූනානි ප්‍රදේශයේ පිහිටා ඇති මඩකලපුව විශ්වවිද්‍යාලය හෙවත් ෂරියා විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන දැනට යුද හමුදාව භාරයේ ඇති එම විද්‍යාලයේ පරිගණක  හයක් සහ සිවිලිං ල‍යිට් අසූවක් සොරකම් කර පලායමින් සිටියදී යුද හමුදා කෝප්‍රල්වරයකු සහ ත්‍රීරෝද රථ රියදුරකු අද (10) අලුයම, අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.

යුද හමුදා සහ පොලිස් මාර්ග බාධකයක් පසුකරගෙන ත්‍රීරෝද රථයකින් මෙම භාණ්ඩ සොරාගෙන යමින් සිටියදී වැලිකන්ද කඩවත්මඩුව පොලිස් මාර්ග බාධකයදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය පවසයි.

තිස්පස් හැවිරිදි යුද හමුදා කෝප්‍රල්වරයා හත්වන වන ගැමුණු හේවා බලකාය නාවල්අඩි යුදහමුදා කඳවුරේ සේවය කරන බව පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලීසිය සඳහන් කරයි.

සැකකාර කෝප්‍රල්වරයා පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු වයස අවුරුදු 35ක පමණ අයකුවේ.

කුලියට ගත් ත්‍රීරෝද රථයකින් , යුද හමුදා කෝප්‍රල්වරයා මෙම පරිගණක සහ සිවිලින් ලයිට් කදුරුවෙලට ගෙන ගොස් එතැන් සිට බස් රථයකින් කොළඹ දක්වා රැගෙන යාමට සැලසුම් කර ඇති බවද පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලීසිය කියයි.

 



අදහස් (2)

මඩකළපු සරසවියෙන් බඩු ඉස්සූ කෝප්‍රල් මාට්ටු

Mh Mohan Sunday, 10 September 2023 04:42 PM

තවත් හාල් මැස්සෙක්

:       0       2

gunda Sunday, 10 September 2023 11:42 PM

මඩකලපුවේ කොහේද ශරියා විශ්ව විද්‍යාල තියෙන්නේ..? මඩකලපුවේ තියෙන්නේ නැගෙනහිර විශ්ව විද්‍යාල බව නොදන්න ඇතැම් මාධ්‍ය දෙමළ, මුස්ලිම් නිජබිම් හදලා දෙන්න උත්සාහ කරනවාද? කන්ද කැඩුව ගමට කන්ද කාඩුව කිව්වොත් ඔය මාධ්‍යෙයන්ම තමයි.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site