
(අංජුල මහික වීරරත්න සහ රොමේෂ් මධුෂංක)
මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට අද (15) සහභාගී වෙමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මඩු මංගල්‍යයේ උදෑසන දේව මෙහෙයට එක්වීම ද විශේෂත්වයකි.
ප්‍රධාන දේව මෙහෙයෙන් පසු මඩු මාතා පිළිරුව රැගත් පෙරහර බැතිමතුන්ට වන්දනා මාන සිදු කිරීම සඳහා දේවස්ථාන භූමියේ සංචාරය කෙරිණි .
දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පැමිණි බැතිමත්හු වාර්ෂික මඩු මංගල්‍යයට එක්ව සිටියහ.
මරඳමඩු මාතා පිළිරුවට ඔටුනු පළඳවා 2024 වසරට වසර සියයක් සම්පූර්ණ වන අතර ඒ වෙනුවෙන් පවත්වන දේව මෙහෙයන් වසර පුරාම පැවැත්වීමට දේවස්ථාන පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
ප්‍රධාන දේව මෙහෙයට එක් වූ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් එහිදී පැවැසූයේ ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය ප්‍රශංසනීය බවත් ඊට වතිකානුවේ හා කතෝලික සභාවේ ආශීර්වාදය හිමිවන බවත්ය.
රටේ සාමය හා සංහිඳියාව පවත්වා ගැනීමට ආගමික නායකයන්ට විශාල වගකීමක් ඇති බව පෙන්වා දුන් බ්‍රයන් උඩෙයිග්වේ හිමියෝ රට බෙදා වෙන්කරන ආගමික ඒජන්තවරයෙක් වෙනවාද, නැත්නම් රටම එකතු කරන ආගමික නායකයෙක් වෙනවාද යන්න තීරණය වන්නේ තමන් කරන ක්‍රියාව අනුව බවද අවධාරණය කළහ.
එම්මානුවල් ප්‍රනාන්දු මන්නාරම රදගුරුතුමන්,ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සංවර්ධන පදනමේ සභාපති ආචාර්ය චන්දෘ ප්‍රනාන්දු දේවගැති තුමන් ඇතුළු පියතුමන්ලා ද, සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු මැති ඇමැතිවරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට තවමත් මතකයි අප්‍රේල් 21. අපිට අවශ්‍යයි යුක්තිය.
දේශපාලකයො ආගම්වල පිට කහනවා.. ආගමික නායකයො දේශපාලකයන්ගෙ පිට කහනවා.. ජනතාව තමන්ගෙ -- කහකහ බලාගෙන ඉන්නව. වෙලා තියෙන අභාග්‍යයට මේ ඔක්කොම වග කියන්ඩ ඕන..
නැතුව නැතුව ජන්ම ආගම අමතක කරන්න පුලුවන්ද?
පාස්කු ඉරිදා සංහාරයට අර්ධ වශයෙන් වගකිව යුතු ඔහුට මෙම ශුද්ධ මංගල්‍යයට සහභාගී වීමට පල්ලිය ඉඩ දුන්නේ ඇයි?