IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


මේඩ් ඉන් ශ්‍රී ලංකා ජය ලබන්නේ නූතන ජූනියස්ලත්-ෆීලික්ස්ලත් හඳුනගත්තොත් පමණයි

(ඩයනා උදයංගනී)

දේශීය නිෂ්පාදකයන් බලගැන්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා‘ වැඩපිළිවෙළ ජයග්‍රාහී අනාගතයක් කරා ගෙන යා හැක්කේ නූතන දේශපාලනයේ සිටින ජූනියස් රිචඩ් ජයවර්ධනලා සහ ෆීලික්ස් ඩයස්ලා හඳුනාගෙන ඉදිරියට ගියොත් පමණක් යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

දේශීය නිෂ්පාදකයා සුන්නද්ධූලි කරමින් විදේශ නිෂ්පාදකයාට වෙළඳපොළ අත්පත් කරදුන් ජූනියස් රිචඩ් ජයවර්ධන ජනාධිපතිවරයාට එම පාර කපා දුන්නේ එවක පැවති සමගි පෙරමුණු ආණ්ඩුවේ සමගිය බිඳ දැමූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

විමල් වීරවංශ මහතා මේ බව පැවැසුවේ කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හෝටලයේ දී පෙරේදා (30 වැනිදා) පැවැති ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ප්‍රදානය කිරීමේ දෙවැනි අදියරට සහභාගී වෙමිනි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“අපි ඉකුත් දෙසැම්බර් 15 වැනි දා ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ජනගත කළේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට ජාතික මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ අවකාශ ලබාදීම සඳහායි. අදත් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් 25කට මෙම සන්නාමය ලබාදෙනවා. මේ වසර තුළ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ හිමි දේශීය නිෂ්පාදන විශාල ප්‍රමාණයක් හඳුන්වා දීම අපේ ඉලක්කයයි. 

අපේ දේශීය නිෂ්පාදකයන්ට 1977ට පෙර ඉතා ඉහළ වටිනාකමක් තිබුණා. එදා උපාලි විජේවර්ධන මහතාගේ උපාලි ෆියට් කාර් එක, යුනික් රේඩියෝව මෙන්ම දේශීය නිෂ්පාදකයන් අතින් ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍ර සුත්‍ර බිහිවුණා. ‘සිය රට දේ සිරි සැප දේ’ යන්න එදා තේමා පාඨයක් වුණා. 1977දී ඒ ගමන බිඳ වැටුණා.

‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ නිෂ්පාදන බලගැන්වෙනවාද, නැද්ද යන්න තීරණය වන්නේත් දේශපාලන ලෝකයේ කාලගුණ තත්ත්වය අනුවයි. 1977 දී බලයට ආ ජේ.ආර්. ජයවර්ධන මහතා රට මසුරන් වැස්ස නොනවත්වා වහින කාලගුණ තත්ත්වයකට වෙනස් කළා. විදේශවලින් ණය අරගෙන සංවර්ධන කටයුතු කරන අතර අමතර ප්‍රතිලාබ යටිමඩි ගහන සංස්කෘතියක් එයින් හැදුණා. විවෘත ආර්ථික සුළඟට එන්න දුන්නේ අපේ ඇඳිවත මෙන්ම දාස මුදලාලිලාත් ගහගෙන යන හා සියලු දේශීය නිෂ්පාදන කඩා වැටෙන අන්දමටයි. 

විවෘත ආර්ථිකයේ මුල් කාලය ඉතා ආස්වාදජනක ලෙස පෙනුණත් දැන් ඇවිත් තිබෙන්නේ අමාරු කාලයයි. දැන් අපට රුපියල් බිලියන ගණනාවක ණය වාරික ගෙවීමටත් ණය ගන්න සිදුව තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල අර්බුදයට ගොස් තිබෙනවා. දැරිය නොහැකි විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදී යනවා. අපි මේ අවස්ථාවේදී හෝ ස්වදේශීය නිෂ්පාදන බලගන්වමින් පිටරටට ඇදී යන මුදල් අවම කළ යුතුයි. 

පිළිකා කාරක සහිත පොල් තෙල් එන්න කලින් පිළිකා කාරක සහිත ෆාම් ඔයිල් වෙළඳපොළේ තිබුණා. ‘එළවළු තෙල්‘ කියා විකුණුවාට එහි ඇති එළවළුවක් නැහැ.  ඌරු තෙල් තිබෙන පිටි වර්ග, පිළිකා කාරක සහිත ෆාම් ඔයිල් දරුවන්ට කවමින් ගියොත් අපට සියල්ල අහිමි වේවි. පොල් තෙල්වල පිළිකාකාරක ඇති බවට හඬ නගන්නේ ෆාම් ඔයිල් මෙරටට ගෙන්වූ පිරිසයි. ඒ අපි ෆාම් ඔයිල්වලට වැට බැන්ද නිසයි. මේ සියල්ල පිටුපස වෙළඳ න්‍යාය පත්‍රයක් තිබෙනවා. එය නිවැරදිව කියවා ගත යුතුයි.

මෙරට 1970-77 කාලයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුව ස්වදේශිකත්වයට පණ දුන්නා. ඒ ආණ්ඩුවේ සිටි ‘ෆීලික්ස් ඩයස්‘ මහත්තයා ශ්‍රී.ල.නි.ප තනි පාලනයක් ගන්න හිතාගෙන ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය එළියට දැමූ නිසා 1977 දී ‘ජූනියස් රිචඩ් ජයවර්ධන‘ ජයග්‍රහණය කළා.

නිදහස් පක්ෂය ආසන අටට බැස්සා. මේඩ් ඉන් ශ්‍රී ලංකා ගමන වෙනුවට, පිටරටින් දේවල් ගෙනත් කාලා බීලා, බල්ලො මරලා හරි සල්ලි හොයන කෙටි ගමන ආරම්භ වුණා. එයට ෆීලික්ස් ඩයස්ගේ උද්දච්ච, නොමේරූ මනස ඉවහල් වුණා. එදා සමගි පෙරමුණු ආණ්ඩුවේ සමගිය රැකුණා නම්, ජූනියස් රිචඩ් පරිච්ඡේදයක් ආරම්භ වෙන්නේ නැහැ. ස්වදේශික නිෂ්පාදකයා සුන්නද්ධූලි කර විදේශ නිෂ්පාදන වෙළෙඳපොළ අත් කර ගත්තේ ඒ දේශපාලන වරද නිසයි. මේ තත්ත්වය ඇති වුණේ ජූනියස් රිචඩ් ජයවර්ධන මෙන්ම එතැනට පාර කැපූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකලාත් නිසයි.

නූතන දේශපාලනයේත් ජූනියස් රිචඩ් ජයවර්ධනලා වගේම ෆීලික්ස් ඩයස්ලා ඇති. ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා‘ වැඩපිළිවෙළ ජයග්‍රාහී අනාගතයක් කරා ගෙන යා හැක්කේ ඒ අය හරියට හඳුනාගෙන ගමන ගියොත් පමණයි.” යැයි ද ඇමතිවරයා කීවේය.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය  කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් චාමින්ද පතිරාජ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සුළු හා මධ්‍ය පරිමාණ දේශීය නිෂ්පාදකයන් වෙත ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ප්‍රදානය කෙරුණු අයුරු. 



අදහස් (4)

මේඩ් ඉන් ශ්‍රී ලංකා ජය ලබන්නේ නූතන ජූනියස්ලත්-ෆීලික්ස්ලත් හඳුනගත්තොත් පමණයි

Sahara Friday, 02 April 2021 07:15 AM

උගතෙක් කියන දේට සියලුදෙනා සවන් දිය යුතුයි.

:       1       6

Nishad Friday, 02 April 2021 02:53 PM

ඔබ නොහිටියා නම් රට අද අඳුරේ...

:       1       5

නිමල් Saturday, 03 April 2021 02:32 AM

ෆීලික්ස් නොහිටින්න අප රට 1962 හමුදා පාලනයකට යටවෙන්න ඉඩ තිබුණා. ඔහුගේ ක්ෂණික ක්‍රියාකාරීත්වය හා මෑතකදී තොරතුරු ලැබී තිබියදී උඩබලා සිටි අද කාලයේ දේශපාලකයින් කළ දේ හා සසඳා බැලිය යුතුයි.

:       1       3

hesa Sunday, 04 April 2021 08:06 AM

කෙසේවෙතත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය... රට ගොඩ නගන්න ගත් වෙහෙස, විනාශ කළ අයුරු සිහිවෙද්දි නම් කවුරු වුණත්, මෙරටට කළ ඒ ද්‍රෝහීපාප ක්‍රියාව කළ ඔවුන් අද විඳවන හැටි කාටත් සියැසින්ම දැකගන්න ලැබිලා තියෙනවා. බුදු දහමට අනුව රටේ පාලනය ලැබේද නැවතත් එවැන්නන්ට..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17123 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site